Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මරදාන සහිරා විද්‍යාලය අද (6) සමත්විය.
මරදාන සහිරා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව ලකුණු 128 ක ජයක් ලබාගැනීමට මරදාන සහිරා විද්‍යාලය විද්‍යාලය සමත්විය.
සහිරා විද්‍යාලයේ මොහොමඞ් ශමාස් (95) සහ දිල්සර ශමින්ද (62) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ඉම්තියාස් ලාසා කඩුලු 3 ක් සහ රිද්මික නිමේෂ් කඩුලු 2 ක් දවාගනිමින් සිය පාසල ජයග්‍රමණය කරා රැගෙන යාමට සමත්වූහ.
සහිරා විද්‍යාලය - ඕවර 49 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 279
(මොහොමඞ් ශමාස් 95, දිල්සර ශමින්ද 62, රිද්මික නිමේෂ් 47, මොහොමඞ් දිල්හාන් නොදැවී 23, ඉම්තියාස් ස්ලාසා 20, මොවින් සුදසිංහ 58/3)
වෙස්ලි විද්‍යාලය - ඕවර 38.1 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(ශෙනාල් ගංගල්ල 42, මින්තක ඉඳුවර 26, ඉම්තියාස් ලාසා 24/3, රිද්මික නිමේෂ් 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.