Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් පිරිමි කේවල සහ කාන්තා කේවල ඉසව්වල ඊයේ (30 වැනිදා) පැවැති දෙවැනි වටයේ (32 දෙනාගේ) තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියලු දෙනා එහිදී පරාජයට පත්වූහ.
පිරිමි කේවල ඉසව්වේ දෙවැනි වටයේදී ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරි වට 3-0 ක් ලෙස ස්කොට්ලන්තයේ ග්‍රෙග් ලොබන් හමුවේද, ශ්‍රී ලංකාවේ ශමිල් වකීල් වට 3-0 ක් ලෙස ඉන්දියාවේ සෞරව් ඝෝසාල් හමුවේද පරාජයට පත්වූහ.
කාන්තා කේවල ඉසව්වේදී ශ්‍රී ලංකාවේ යෙහෙනි කුරුප්පු වට 3-0 කින් පරාජය කිරීමට එංගලන්තයේ ජෝජිනා කෙනඩිද, ශ්‍රී ලංකාවේ චනිත්මා සිනාලි වට 3-0 කින් පරාජය කිරීමට කැනඩාවේ නිකෝල් බන්යන්ද සමත් වූහ.
ඒ අනුව ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ කේවල ඉසව් සඳහා වූ සහභාගීත්වයන් නිමාවට පත්වූ අතර ඉදිරියේදී ඔවුන් පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ඉසව් සඳහා සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.