Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ස්ටෑන්ඩඩ් පාපැදි තරග මෙහෙයවීම ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය යටතට ගැනීමට විරෝධය පළ කරන බව කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
එම ක්‍රියාවෙන් ස්ටෑන්ඩඩ් පාපැදි ක්‍රීඩාවට කිසිදු යහපතක් නොවන බව පෙන්වා දෙන එම සංගමය විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරග මෙහෙයවීමේ හිමිකම තවදුරටත් දිස්ත්‍රික් පාපැදි සංගම්වලට ලබාදිය යුතු බවත් අවධාරණය කරයි.
ඒ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් අශෝක් කුමාර් පෙරේරා මහතා දීර්ඝව කරුණු දක්වා තිබේ. රුවන්චන්ද්‍ර මහතාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ පාපැදි සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ සභාපති උපුල් චන්දන ප්‍රියනාත් මහතා කවුන්සිල් රැස්වීමට ඉදිරිපත් කළ ස්ටෑන්ඩඩ් පාපැදි ඉසව්වට අදාළ යෝජනාවලියට එහිදී විරෝධතා ඉදිරිපත්වීමෙන් එය සම්මත නොවුණු බවයි.
කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති ධුරය දරන්නේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතාය.
මේ අතර අශෝක් කුමාර් මහතා සිය විරෝධතාවයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පාපැදි සම්මේලනයේ තාක්ෂණික කමිටුව පත්කිරීම සිදුවී ඇත්තේ ද එහි ව්‍යවස්ථාවට පටහැනිව බවත් ඒ සඳහා ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.