Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්මිත්ගේ ශතකයෙන් ඕස්ටේ‍්‍රලියාව ඉදිරියටම

ස්මිත්ගේ ශතකයෙන් ඕස්ටේ‍්‍රලියාව ඉදිරියටම

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්ටීවන් ස්මිත් ලබාගත් මංගල ටෙස්ට් ශතකය නිසා අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පස්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 397 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක සිටියේය. මෙම තරගය ලන්ඩන්  ඕවල් පිටියේදී පැවැත්වෙයි.

තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරයට පෙර කොටස සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය නමුත් වේලාසනින් දිවා ආහාරය ගත් කී‍්‍රඩකයෝ පස්වරුවේදී තරගයට පිවිසියහ. වර්ෂාව නිසා දෙවැනි දිනයේ පැය තුන හමාරක කාලයක් අපතේ ගියේය.

සිය 12 වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින, තවමත් 24 හැවිරිදි ස්ටීවන් ස්මිත් සිය ශතකය සඳහා පන්දු 198 කට මුුහුණ දෙමින් හතරේ පහර 14 ක් සහ හයේ පහරක් ඇතුළත් කළේය.

පළමු දිනයේ තරගය නතර කරන විටත් හොඳ ස්ථාවරයක සිටි ඕස්ටේ‍්‍රලියානු පිල ඒ වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 307 ක් ලබා සිටියේය.

ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 6 ක් දැවී 397
(කි‍්‍රස් රොජර්ස් 23, ෂේන් වොට්සන් 176, ස්ටීවන් ස්මිත් නොදැවී 112, පීටර් සිඞ්ල් 23, බ‍්‍රැඞ් හැඩින් 30, ජේම්ස් ඇන්ඩසන් 89/3, ස්ටුවර්ට් බ්‍රෝඞ් 88/1, ගේ‍්‍රඒම් ස්වෝන් 71/1)


අදහස් (0)

ස්මිත්ගේ ශතකයෙන් ඕස්ටේ‍්‍රලියාව ඉදිරියටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.