Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාර්ථකත්වයට දායක වූ ස්වේච්ඡා සේවකයින්
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

සාර්ථකත්වයට දායක වූ ස්වේච්ඡා සේවකයින්

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕෂිත වරකපිටිය (බර්මින්හැම් සිට)

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙලේ සාර්ථකත්වයට විශාලම දායකත්වයක් ලබා දුන් පිරිස ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකි පිරිස වන්නේ ස්වේච්ඡා සේවකයින්ය.

මෙවර තරගාවලිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දීම උදෙසා තරග පැවැත්වූ බර්මින්හැම් ඇලෙක්සැන්ඩ්‍රා මෙන්ම අනෙකුත් ක්‍රීඩාංගණ අවට ස්වේච්ඡා සේවකයින් රාශියක් සිය සේවය ලබා දෙනු දක්නට ලැබිණ. විශේෂයෙන් ඔවුන්තරගාවලිය වෙනුවෙන් පැමිණෙන පිරිසට මඟ පෙන්වීම හා ඔවුන්ට ආචාරශීලීව සැලකීම මෙන්ම රැස්ව සිටි පිරිස කුල්මත් කිරීමට විවිධ ක්‍රියාකාරකම්ද සිදුකිරීමද කරන ලදී. එමෙන්ම ඇතැම් පිරිස ක්‍රීඩාංගණ තුළ ක්‍රීඩකයින් වෙනුවෙන් සිය සේවය සැපයීමටද ක්‍රියා කළහ.

 මෙවර තරගාවලියට ස්වේච්ඡා සේවකයින් 13000 කට අධික පිරිසක් සහභාගි වී ඇති බව වාර්තා වේ. තරගාවලිය අවසන් වීමෙන් පසු තරගාවලියේ ප්‍රධාන විධායක නිළධාරී ඉයන් රීඩ් ද පැවසුවේ තරගාවලිය වෙනුවෙන් ප්‍රධානම දායකත්වය ලබාදුන් පිරිස අතර ස්වේච්චා සේවකයින් ඉදිරියෙන්ම පසුවන බවයි.

‘ඔවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා සමානව තරගාවලියේ බැබළුවා’ ඔහු මෙහිදී පවසා සිටියේය. තැඹිලි හා නිල් පැහැයට හුරු නිළ ඇදුමකින් සැරසී සිටි මෙම ස්වේඡ්චා සේවකයින් අතර විවිධ වයස්කාණ්ඩ, විවිධ ජාතීන්, නියෝජනය කරමින් කාන්තා හා පිරිමි භේදයකින් තොරව සිය දායකත්වය උද්‍ය‍යෝගයන් ලබා දෙනු දක්නට ලැබිණ.


අදහස් (0)

සාර්ථකත්වයට දායක වූ ස්වේච්ඡා සේවකයින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.