Last Update  :  2024-10-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාලාට චෙච්නියාවේ පුරවැසිභාවය

සාලාට චෙච්නියාවේ පුරවැසිභාවය

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඊජිප්තුවේ පාපන්දු තරුව වන මොහොමඞ් සාලාට චෙච්නියාවේ ගෞරවනීය පුරවැසිභාවය ලැබී ඇත. පසුගියදා චෙච්නියාවේ පැවැති රාත්‍රී ප්‍රියසම්භාෂණයකදී ඊජිප්තු කණ්ඩායම ගෞරවයට ලක් කිරීමට චෙච්නියානු නායක  රම්සාන් කඩීරෝ කටයුතු කළ අතර සාලා ගෞරවනීය පුරවැසියකු කරමින් ලංඡනය සහ සහතිකපතේ පිටපතක් ඔහුට පිරිනැමුවේය.

රුසියාවේ පැවත්වෙන ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින ඊජිප්තු පිල පුහුණු කටයුතු කරන්නේ  දකුණු රුසියානු රටක් වන චෙච්නියාවේ අගනගරය වන ග්‍රොස්නිහීදීය.

තවමත් 26 හැවිරිදි සාලා චෙච්නියානු නායකයා සමග ඡායාරූපයකටත් පෙනී සිටියේය. කෙසේ වුවත් පසුව එය දේශපාලන ප්‍රචාරය සඳහා ක්‍රීඩකයන් යොදාගැනීමක් බවට බොහෝ දෙනාගේ විවේචන එල්ලවිය.

මෑත කාලයේ චෙච්නියාව මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා එල්ලවී තිබූ අතර ඒවා හුදු ප්‍රලාප බව කඩීරෝ ඊයේ පෙරේදා කීවේය. ඔහු ඊජිප්තු පිලට ගෞරව උපහාර දැක්වූයේ ඉන් පසුවය.


- 077


අදහස් (0)

සාලාට චෙච්නියාවේ පුරවැසිභාවය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.