Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිංගප්පූරුවට පරාජයවීමෙන් ශ්‍රී ලංකාව පීඩනයට

සිංගප්පූරුවට පරාජයවීමෙන් ශ්‍රී ලංකාව පීඩනයට

editorial - 2023 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සිංගප්පූරුවට ලකුණු 51-29ක පරාජයක් ඊයේ (13) ලැබීමෙන් 12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමේ ශ්‍රී ලංකාවේ අපේක්ෂාවන්ට පැහැදිලි  තර්ජනයක් ඊයේ වනවිට ගොඩනැගෙමින් තිබුණි.

දකුණු කොරියාවේ ‘ජෙන්ජු’ නුවරදී ආරම්භ වූ 12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු  තරගාවලියේ ඊයේ පැවැති මෙම තරගයේ ආරම්භයේදී ලකුණු හඹායමින් ප්‍රතිවාදිනියන් අභිබවා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉදිරියට  පැමිණියත් තරගය නිමවූයේ වට හතරෙදීම (8/11-5/10-9/15-7/15) පෙරමුණ ගනිමින් සිංගප්පූරුව තරගය ජය ගනිමිනි.

කෙසේ වුවත් මූලික වටයේ තරග දෙකක් ජයගෙන ඇති ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට ඊයේ සිංගප්පූරුවට එරෙහිව පැවති තරගයේ පරාජය බාධාවක් නොවූවත් එයින් අවසන් මහ තරගයට පිවිසීමේදී දැඩි පීඩනයක් ශ්‍රී ලංකාවට එල්ල වී තිබේ. 

ඒ මූලික වටයේ ‘බී’ කාණ්ඩයේ අනුශූරියන්වීමෙන් අවසන් පූර්ව වටයේ තරගයේ දී ශ්‍රී ලංකාවට ගියවර කුසලාන දිනාගත් ප්‍රබල මලයාසියාව මුණගැසීම වළක්වාගත නොහැකිවීමයි.

ශ්‍රී ලංකාවට ‘බී’ කාණ්ඩයේ ශූරියන්වීමට හැකිවූයේ නම් අවසන් පූර්ව වටයේ දී ඒ කාණ්ඩයේ අනුශූරියන් වන  ඔවුන්ට තරගයක් නොවන කණ්ඩායමක් මුණගැසීමට තිබූ අවස්ථාව ඊයේ පරාජයෙන් වැළකී ගිය බව පෙනේ.

 කෙසේ වුවත් අද ද (14)  මූලික වටයේ සිය අවසන් තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකාවට මුණගැසෙන්නේ ප්‍රබල කණ්ඩායමක් නොවන චීන-තායිපේයි. ආද තරගයෙන් ශ්‍රී ලංකාවට විශ්වාසනීය ජයක් ලැබීමේ අවස්ථාව වඩාත් ඉහළින් පවතී.

 ඊයේ තරග පරාජය ගැන ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණී අමල්කා ගුණතිලක මහත්මිය දුෂ්කරතා රැසක් මැද ශ්‍රී ලංකාවේදී සූදානම්වෙමින් පැමිණි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ඉදිරියට යාමට එය බාධාවක් කර නොගන්නා බව පැවසුවාය.


අදහස් (0)

සිංගප්පූරුවට පරාජයවීමෙන් ශ්‍රී ලංකාව පීඩනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.