Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු 23-7 කින් තරගයේ පළමුභාගය පෙරමුණ ගනිමින් සිය දෙවැනි ජයග්‍රහණය වෙනුවෙන් අපරිමිත බලාපොරොත්තු පොදි බැඳ බලා සිටි ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමට කට උත්තර නැති පිළිතුරක් දෙවැනි භාගයේදී ලබාදුන් සී.ආර්.ඇන්ඞ් එෆ්.සී.ක්‍රීඩා සමාජය ලකුණු 38-23 කින් තරගය ජයගෙන අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිය දෙවැනි තරගයේදී නොතිබූ ජයග්‍රහණයකට හිමිකම් කීවේය.
සිය බලකොටුවේ පැවැති මේ තරගය නැරැඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ට සෑහෙන කාලයක් තිස්සේ කතා බහ කිරීමටත්, සිහිපත් කිරීමටත් කදිම උත්තේජනයක් ලබා දුන් සී.ආර්. පිලට පෙරළිකාර ජයග්‍රහණයක මාවත විවර කරදෙනු ලැබුවේ ඔවුන්ගේ වැඩබලන නායක තරින්ද රත්වත්ත විසිනි. හෙතෙම උත්සාහක දිනුම් දෙකක්ම තබමින් ද, සිය කණ්ඩායම තැබූ උත්සාහක දිනුම් 5ම ගෝල බවට ප්‍රවර්ථනය කරමින් ද, ඉන් නොනැවතී ලද දඬුවම් පහර සාර්ථක කරගනිමින්ද තරගය පුරා තරින්ද රඟ දැක්වූයේ අරුම පුදුම භූමිකාවකි.
දෙවැනි භාගයේ ආරම්භයේදී අසිත් විජේසිංහ වෙනුවට පිටියට පිවිස නායකයාට කදිම සහයෝගයක් දුන් සෂාන් මොහොමඞ් ද උත්සාහක දිනුම් දෙකක් තැබීමට සමත්විය. ලකුණු 16කින් නැවියන්ට වඩා පසුපසින් සිටිමින් දෙවැනි භාගය ආරම්භ කළ සී.ආර්.පිලේ පීඩනය එහෙම පිටින්ම ඉවතට තල්ලු කළ සෂාන් නැවියන්ගේ ආරක්ෂක වළල්ල අතරින් රිංගා ලබාදුන් පන්දුව සුරැකිව ඩැහැගත් සුපුන් වර්ණකුලසූරිය තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ නායක තරින්ද සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 14 දක්වා ඉහළ දැමීමට සමත්විය.
ඊට මොහොතකට පසුව රෝලිං මෝල් අවස්ථාවකින් කදිම ඵල නෙලා ගත් කවිඳු ද කොස්තා පන්දුව සෂාන් මොහොමඞ් වෙත බාරදුන් අතර ඔහු එය රැගෙන ප්‍රතිවාදී සීමා ඉර වෙත පැන්නේ ආපසු හැරී නොබලමිනි. කිසිදු පැකිලීමකින් තොරව එම උත්සාහක දිනුමත් ගෝලයක් බවට පත් කිරිමට තරින්ද සමත්වෙද්දී නැවියෝ අන්දමන්ද වූහ. එවිට ලකුණු තත්ත්වය 23-21ක් ලෙස නැවියන්ගේ ලකුණු පරතරය 2ක් දක්වා අඩුවී තිබිණි.
අනපේක්ෂිත ප්‍රහාරයෙන් කළබළයට පත්ව නීතිවිරෝධී ක්‍රීඩා රටාවක් පෙන්වීම නිසා නැවියන්ට සිදුවූයේ සී.ආර්. පිලේ නායක තරින්ද දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 24-23කින් පෙරමුණ ගැනීම බලා සිටීමටය.
ඉන් නොනැවතුණු තරින්ද නැවියන් නරඹන්නන් බවට පත් කරමින් කදිම උත්සාහක දිනුමක් තැබීමට සමත්වූ අතර එය ඔහු විසින්ම ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් ලකුණු 31-23කින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීමට සමත්වූයේ පෙරළිකාර ක්‍රීඩා විලාශයක් ඉස්මතු කරමිනි.
අවසානයේදී ඕමල්ක ගුණරත්න ලබා දුන් පන්දුව ඩැහැගත් සෂාන් මොහොමඞ් සිය දෙවැනි උත්සාහක දිනුම තබමින් නැවියන්ගේ බලාපොරොත්තු සුණුවිසුණු කළ අතර තරින්ද එය ගෝලයක් බවට පත් කරමින් සී.ආර්.පිලේ ජයග්‍රහණය තහවුරු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.