Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් හමුදා කණ්ඩායම හමුවේ හිතේ හැටියට සිය දස්කම් මුවහත් කරගත් සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩකයෝ අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී ලකුණු 28-12 ක ජයක් වාර්තා කිරීමට සමත්වූහ.
කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේදී ගුවන් හමුදා ක්‍රීඩකයන්ට උත්සාහක දිනුමක් වෙනුවෙන් හැරෙන්නටවත් ඉඩ නොතබා සිය ආරක්ෂක වළල්ල තර කළ සී.එච්. ක්‍රීඩකයන් ගෝල 2 කින්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 කින් සිය කණ්ඩායම ඔසවා තබද්දී ප්‍රතිවාදීන් ලැබුවේ දඬුවම් පහර 4 ක් පමණි.
සී.එච්.පිලේ ජයග්‍රහණයට කදිම අඩිතාලමක් දැමූ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලෙන් බිහිවූ සැමුවෙල් මධුවන්ත ලකුණු 13 ක්ම කණ්ඩායමට ගෙනදීමට සමත්වූයේ උත්සාහක දිනුම් 2 ක්ම ගෝල බවට ප්‍රවර්තනය කිරීමෙන් සහ දඬුවම් පහර 3 ක් සාර්ථක කිරීමෙනි. ඒ සමගම ඔහු මෙවර තරගාවලියේ සමස්ත ලකුණු ලාභින් අතර දෙවැනි තැනට පත්වූයේ ලකුණු 99 ක්ම රැස් කරමිනි. මුල්තැන සිටින නාවික හමුදා පිලේ තිළිණ වීරසිංහ ලකුණු 102ක් ලබා සිටින අතර මහනුවර පිලේ තිළිණ විජේසිංහ ලකුණු 88 ක් ලබා තුන්වැනි තැන සිටියි.
චරිත් සෙනෙවිරත්න පිට පිට සාර්ථක කරගත් දඬුවම් පහර දෙකකින් ගුවන් හමුදා පිල ලකුණු 6-0 කින් ආරම්භයේදීම පෙරමුණට පත්විය. එහෙත් වැඩිවේලා යාමට පෙර දඬුවම් පහරක් සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත ප්‍රතිවාදීන් මුලා කරමින් අවිශ්ක ලී තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කර සී.එච්.පිලට ලකුණු 10-6 කින් පෙරමුණ අත්කර දුන්නේය. පළමු භාගය නිමාවට පත්වූයේ චරිත් සෙනෙවිරත්න තවත් දඬුවම් පහරක් සාර්ථක කිරීමෙන් ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 9 දක්වා ඉහළ යාමෙන් පසුවය.
දෙවැනි භාගයේ ආරම්භයේදීම දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත් මධුවන්ත සී.එච්.පිලේ ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ දැමීමට සමත්විය. ඊට මොහොතකට පසුව චරිත් සෙනෙවිරත්නත් දඬුවම් පහරක් සාර්ථක කරමින් ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉදිරියට ගෙන ගියේය.
අවසන් භාගය පුරාම උත්සාහක දිනුමක් තැබීමට ගුවන් හමුදා පිලේ ක්‍රීඩකයන් දැරූ වෑයම හැම අතින්ම ව්‍යවර්ථ කළ සී.එච්. ක්‍රීඩකයෝ තරගයේ පාලනය සියතට ගත්තේ ප්‍රදීප් කුරුකුලසූරිය තැබූ විශිෂ්ට උත්සාහක දිනුමකිනි. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට මධුවන්ත අසමත්වූවත් ලකුණු 21-12 කින් ඉදිරියට යාමට සී.එච්.පිල සමත්විය.
අවසන් මිනිත්තු දහයේදී සිය ආක්‍රමණශීලිත්වය තවත් වැඩි කළ සී.එච්.පිලේ ජයග්‍රහණය තහවුරුවූයේ ලී කීගල් තැබූ උත්සාහක දිනුමෙනි. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කළ මධුවන්ත සිය කණ්ඩායමට ලකුණු 28-12 කින් ඉහළට ඔසවා තැබුවේය.
තරගයේ සිවුවැනි උත්සාහක දිනුමත් වාර්තා කරමින් බෝනස් ලකුණක් අත්පත් කරගැනීමට අවසන් මිනිත්තු කිහිපයේදී සී.එච්.පිලේ ක්‍රීඩකයන් දැඩි උත්සාහයක නිරතවූවත් එය සාර්ථක නොවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.