Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදා ක්‍රීඩකයන්ගේ නොසිතූ ප්‍රහාරයෙන් අන්දමන්ද වූ ප්‍රබල සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අද පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ පැවැති අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගයේ අවසන් මොහොතේදී ලකුණු 25-24ක සියුම් ජයක් අත්කරගැනීමට සමත්විය.
අවසන් මිනිත්තුව දක්වා ලකුණු 25-17 කින් පෙරමුණ ගෙන ජයග්‍රහණය පෙනි පෙනී සිටි සි.ආර්.පිලේ හද ගැස්ම මොහොතකට නතර කළ යුද හමුදා පිලේ නායක මනෝජ් සිල්වා තැබූ විශිෂ්ට උත්සාහක දිනුමක් ගයාන් සාලින්ද විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරන ලදි. ඒ සමගම යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 24 ක් වූවත් තරගය එසැනින් නිමාවට පත්වීම සී.ආර්. පිලේ ක්‍රීඩකයන්ගේ අස්වැසිල්ලට හේතුවිය.
තරගයේ පළමු භාගය නිමාවට පත්වනවිට ලකුණු 7-3 කින් පෙරමුණ ගැනීමට සී.ආර්.පිල සමත්වුවත් දෙවැනි භාගයේ දී යුද හමුදා පිල ඉතා ප්‍රබල අයුරින් තරගයට අවතීර්ණ විය. ඒ සමගම තරගය උණුසුම් මුහුණුවරක් ගත්තේය.
තරින්ද රත්වත්තේගේ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ රීසා මුබාරක් සී.ආර්.පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගිය අතර යුද හමුදා පිලේ ශානක කුමාර දඬුවම් පහරක් මගින් ලකුණු පරතරය 7--3 ක් ලෙස අඩු කිරීමෙන් පසුව පළමු භාගය නිමාවට පත්විය.
දෙවැනි භාගයේ ආරම්භයේ දීම ඉමංක ආරියපාල තැබූ අනර්ඝ උත්සාහක දිනුමක් ශානකගේ පා පහරින් ගෝලයක් බවට පත්විමෙන් පසුව යුද හමුදා පිල ලකුණු 10-7 කින් පෙරමුණ ගත් අතර පසුව රෙහාන් සිල්වා උත්සාහක දිනුමක් තබමින් ලකුණු 12-10 ක් ලෙසින් සී.ආර්.පිල නැවත ඉදිරියට ගෙන ගියේය.
ඊට මොහොතකට පසුව යුද හමුදා පිලේ අෂාන් බණ්ඩාර තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ ශානක කුමාර ලකුණු 17-12 කින් සිය කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය. ඊළඟ මිනිත්තුවේ දී රීසා මුබාරක් දඬුවම් පහරක් එල්ල කරමින් ලකුණු පරතරය 17-15 කින් අඩුකර ගත් අතර ඩිලංක පෙරේරාගේ උත්සාහක දිනුමෙන් පසුව ලකුණු සංඛ්‍යාව තවත් ඉහළ දමාගැනීමට සී.ආර්.පිලට හැකිවිය.
ඉන් පසුව රීසාගේ තවත් දඬුවම් පහරක් මගින් සී.ආර්.පිල ලකුණු 25-17 කින් පෙරමුණ ගත්තේ ගෝල දිනුමක ලකුණු සංඛ්‍යාවට වඩා එකක් ඉදිරියෙන් සිටිමිනි. එසේ නොවූවානම් තරගයේ ඉරණම කණපිට හැරෙන්නට ඉඩ තිබණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.