Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සති අන්තය උඩුයටිකුරු කරමින් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27-25 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්විය.
තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 25-13 කින් පෙරමුණ ගෙන සිටි හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ජයග්‍රහණ මාවතේ සෑහෙන දුරක් ගොස් සිටියහ. එහෙත් දෙවැනි භාගය පුරාම ආක්‍රමණශීලී තරග රටාවක් පෙන්නුම් කළ සී.එච්. පිලේ ක්‍රීඩකයන් හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය ආපසු හැරවූයේ විස්මිත අයුරිනි.
දෙවැනි භාගය පුරාම හැව්ලොක්ස් පිල ඇද බැඳ තබාගත් සී.එච්. ක්‍රීඩකයන් හැව්ලොක්ස් පිලට කිසිදු ලකුණක්වත් නොදීම ගෝල 2 ක් රැස් කරමින් ජයග්‍රහණය කරා ගියහ.
හිරන්ත පෙරේරා තැබූ උත්සාහක දිනුමක් රීසා මුබාරක් විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙන් ලකුණු 7-0 කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල ලසිඳු ඉෂාන්ගේ උත්සාහක දිනුමෙන් ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ දමාගත්තේය.
අනතුරුව ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත ලකුණු 3 කින් සී.එච්. පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. ඊට මොහොතකට පසුව තරගයේ සිය පළමු උත්සාහක දිනුම තැබීමට සී.එච්.පිලේ ඉරංග ආරියපාල සමත්විය. මධුවන්ත විසින් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙන් සී.එච්.පිල ලකුණු 10 දක්වා ඉහළ ගියේය.
ඉන් අනතුරුව පළමු භාගය නිමාවනතුරු තරගය සියතට ගත් හැව්ලොක්ස් පිල රීසා මුබාරක් සාර්ථක කරගත් දඬුවම් පහර 2කින් සහ ශෙහාන් ඩයස් තැබූ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 25 දක්වා ඉහළ දමා ගත්තේය. ඒ අතරතුර ඩ්‍රොප් ගෝලයක් නිවැරැදිව එල්ල කළ සැමුවෙල් මධුවන්ත සී.එච්.පිලේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළ දැමීමට සමත්විය.
එහෙත් තරගයේ දෙවැනි භාගය පුරාම හැව්ලොක්ස් පිල අන්දමන්ද කළ සී.එච්.පිල වෙනුවෙන් අවන්ත ලී තැබූ අගනා උත්සාහක දිනුම සැමුවෙල් විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබීමෙන් ලකුණු 20ක් ඉදිරියට ගිය අතර තරගය නිමාවීමට මිනිත්තු 8කට පෙර ඉරංග ආරියපාල තැබූ දෙවැනි උත්සාහක දිනුමෙන් තරගයේ වාසිය සියතට ගත්තේය. සැමුවෙල් විසින් එම උත්සාහක දිනුමත් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට සමත්වීමත් සමග ලකුණු 27-25 කින් පෙරමුණ ගැනීමට සී.එච්.පිලට හැකිවිය.
ඉතිරි කාලය තුළ හැව්ලොක්ස් පිලට හිස එසැවීමට සී.එච්.පිල ඉඩ දුන්නේම නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.