Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග නැරඹීම සඳහා නරඹන්නන්ට අවස්ථාව නොදෙන බව තරගාවලියේ සංවිධායකයෝ පවසති. සුදුසුකම් ලැබීමේ තරගවලින් අනතුරුව තරගාවලියේ මූලික වටයේ තරග මේ මස 30 වැනිදා ආරම්භ වන අතර එහිදී නරඹන්නන් යම් ප්‍රමාණයකට තරග නැරඹීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.
සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ලයිස්තුවක් සංවිධායකයින් විසින් සකස්කරනු ලැබ ඇති අතර ඊට පුද්ගලයන් 2,500 කට වැඩි පිරිසක් ඇතුළත් කර ඇත. තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයන් වැඩි උනන්දුවක් දක්වන බැවින් මෙම තීරණය තම සංගමයට ඉතා අසීරු තීරණයක් වූ බව ඇමරිකානු ටෙනිස් සංගමය සඳහන් කරයි.
කෙසේ වුවත් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සහ තරගාවලියේ වෛද්‍ය කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, සියලු දෙනාගේම සෞඛ්‍ය සහ ආරක්‍ෂාව සහතික කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බවද සංවිධායකයෝ කියා සිටිති.
ඉකුත් වසරේ (2020) පැවැති ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරයා සහ ශූරිය බවට පත්වීමට ඕස්ට්‍රේලියාවේ ඩොමිනික් තියේම් සහ ජපානයේ නයෝමි ඔසාකා සමත් වූහ. මෙවර එය පැවැත්වෙන්නේ වසරේ (2021) අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය ලෙසිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.