Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුනිල සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

සුනිල සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

editorial - 2025 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 

අම්බලන්ගොඩ ධර්මාශෝක විදයාලය සහ දේවානන්ද විදයාලය අතර පැවැති 56 වැනි ‘සුනිල සංග්‍රාමය’ මහ ක්‍රිකට් තරගය 42 වැනි වරටත් ජය පරාජයෙන් තොරව ඊයේ (6 වැනිදා) පස්වරුවේ නිමාවට පත්විය. 

මෙම තරගය අප්‍රේල් මස 5 සහ 6 දෙදින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සත්කාරකත්වයෙන් අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එහිදී කාසියේ වාසිය දිනූ දේවානන්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ධර්මාශෝක විද්‍යාලයට ආරාධනා කළේය. 

ඒ අනුව ධර්මාශෝක විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 221 ක් ලබා ගත්තේය. එහිදී ධර්මාශෝක විද්‍යාලයේ ඔමේග කරුණාරත්න (74) සහ චන්දූව කවීෂ (50) අර්ධ ශතක ලබා ගත්හ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දේවානන්ද විද්‍යාලයේ සදලු රශ්මික ලකුණු 81 කට කඩලු 6 ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් දුන් සචින්ත සෂික ලකුණු 52 කට කඩලු 3 ක් දවා ගත්තේය. 

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ දේවානන්ද විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 312 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ දේවානන්ද විද්‍යාලයේ මොහින් දේශාල් (76) සහ නිසිත් තේජස්වර (67) අර්ධ ශතක වාර්තා කළහ. පන්දු යැවීමේදී ධර්මාශෝක විද්‍යාලයේ පසිදු කවීෂ සහ දිනෙත් ගිම්හාන කඩලු 3 බැගින් බෙදා ගත්හ. 

තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ධර්මාශෝක විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 94 ක් ලබා සිටි අතර ධර්මාශෝක විද්‍යාලයේ සුහස් ද සිල්වා නොදැවී ලකුණු 60 ක් ලබා සිටියේය. 


ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම -  ඕවර 68.1 කදී සියලු දෙනා දැවී 221 
(ඔමේග කරුණාරත්න 74, චන්දූප කවීෂ 50, දිනෙත් ගිම්හාන 37, ජිතිර සත්සික 27, සදලු රශ්මික 81/6, සචින්ත සසික 52/3) 

දේවානන්ද විද්‍යාල පළමු ඉනිම - ඕවර 73.3 කදී සියලු දෙනා දැවී 312 
(මොහින් දේශාල් 76, නිසිත් තේජස්වර 67, රවිදු ද සොල්වා 33, මයුර මල්ෂාන් 28, පසිදු කවීෂ 43/3, දිනෙත් ගිම්හාන් 63/2, ඉෂාන් අනුරාධ 57/2) 

ධර්මාශෝක විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 14.3 කදී කඩල්ලක් දැවී 94 
(සුහස් ද සිල්වා නොදැවී 60) 


අදහස් (0)

සුනිල සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.