Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපුන් තමාගේම වාර්තාව යළි බිඳ දමයි

සුපුන් තමාගේම වාර්තාව යළි බිඳ දමයි

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙලේ සිව්වැනි දිනය වන අද (5 වැනිදා) නව වාර්තා 8 ක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. එහිදී මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ සුපුන් විරාජ් රන්දෙණිය මීටර 110 කඩුලූ පැන දිවීමේ ඉසව්වේදී තමාගේම වාර්තාව යළිත් වරක් අලූත් කිරීමට සමත් විය.

මෙම තරගාවලියේදීම මූලික වටයේදී මීටර 110 කඩුලූ පැන දිවීමේ (21 න් පහළ) තරගය තත්ත්පර 14.50 කින් අවසන් කරමින් සුපුන් විසින් ඊයේ (4 වැනිදා) පිහිටුවන ලද වාර්තාව බිඳ දමමින් අද (5 වැනිදා) එම ඉසව්ව තත්ත්පර 14.30 කින් අවසන් කිරීමට ඔහු සමත් විය. සුපුන් විසින් ඊයේ බිඳ දමන ලද්දේ වසර 19 ක් පුරා නොසෙල්වී තිබූ මහේෂ් පෙරේරාගේ වාර්තාවයි.

වයස 17 න් පහළ බාලක මීටර 1500 ඉසව්ව විනාඩි 4 තත්ත්පර 06.85 කින් නිමකරමින් වසර 17 ක් පැරණි වාර්තාවක් බිඳ හෙළීමට අඹතැන්න පුෂ්පදාන විද්‍යාලයේ එස්. අයි. උමයංග සමත් විය. උමයංග විසින් බිඳ දමන ලද්දේ මුරුතලාව දොඩම්වෙල විද්‍යාලයේ අසේල දහනායක විසින් 1996 දී පිහිටුවන ලද විනාඩි 4 තත්ත්පර 09.20 වාර්තාවයි

තරගාවලියේ දින හතරක් අවසන් වන විට පිහිටුවා තිබූ සම්පූර්ණ වාර්තා සංඛ්‍යාව 17 කි.

 

අද (5 වැනිදා) දිනයේ පිහිටුවන ලද නව වාර්තා

21 න් පහළ (බාලක) - උසපැනීම
තිළිණ කරුණාරත්න (කොළඹ රාජකීය විද්‍යාලය) - මීටර 2.13

17 න් පහළ (බාලිකා) - තුන් පිම්ම
දසුනි විනෝද්‍යා (කුලියාපිටිය ම.ම.වි) - මීටර 11.90

21 න් පහළ (බාලක) - මීටර 110 කඩුලූ පැන දිවීම
කේ.ඞී.එස්.ඞී. රන්දෙණිය (ගන්නොරුව රණබිම රාජකීය විදුහල) - තත්.  14.30

19 න් පහළ (බාලක) - මීටර 1500
එම්.එම්.කේ. කුෂාන්ත (කොළඹ නාලන්දා විදුහල) - විනාඩි : 3.59.76

15 න් පහළ (බාලක) - මීටර 400
ඊ.එම්. සුපුන් නිමන්ෂ (කැලණිය ගුරුකුල විදුහල) - තත්. 51.86

15 න් පහළ (බාලිකා) - මීටර 400
ඉඳුරංගා සත්සරණී (දික්වැල්ල විජිත ම.ම.වි) - තත්. 59.35

17 න් පහළ (බාලක) - මීටර 1500
එම්.ජී.එස්.අයි. උමයංග (අඹතැන්න පුෂ්පදාන විදුහල) - විනාඩි : 4.06.85

19 න් පහළ (බාලිකා) - තුන් පිම්ම
විදූෂා ලක්ෂානි (මීගමුව නිව්ස්ටඞ් බාලිකා විදුහල) - මීටර 12.31

 


අදහස් (0)

සුපුන් තමාගේම වාර්තාව යළි බිඳ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.