Last Update  :  2025-01-08 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙව්මිණට පළමු වටයේදීම පරාජය

සෙව්මිණට පළමු වටයේදීම පරාජය

ශනුක අරවින්ද - 2016 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අද (8 වැනිදා) පැවැති බාලක කේවල පළමු වටයේ තරගයකදී මැලේසියාවේ ෆොන්ග් හවු සිම් විසින් තරග වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවේ සෙව්මිණ ගුණතිලක පරාජය කරන ලදි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලක කේවල ඉසව්ව සඳහා රන්තුෂ්ක සසිඳු සහ මධුක දුලාංජනද සහභාගි වන අතර ඔවුහු පළමු වටයේදී නිතරග ජය ලබා දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා සිටිති.

අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ බාලක යුගළ පළමු වටයේ තරගයකදී කසුන් අමරසේන සහ උමිඳු ලියනගේ චෙක් ජනරජයේ ඔන්ඩ්‍රේජ් ක්රාල්ට සහ ජෑන් සොමෙර්ලික්ට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටි අතර බාලිකා යුගළ තරගයකදී ලසංගා හෙට්ටිආරච්චි සහ ඉනුරි කුරුප්පු ඉන්දියාවේ මහීමා අගර්වාල්ට සහ ශිඛා ගෞතම්ට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියහ.

ඉනුරි කුරුප්පු, බුත්මි ගලගමගේ සහ හසාරා විජේරත්න නිතරග ජය ලබා බාලිකා කේවල ඉසව්වේ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා සිටිති.
ශ්‍රී ලංකා බාලක යුගළය (ශාමික හසරංග සහ පසිඳු පල්ලියගුරුගේ) සහ බාලිකා යුගළය (බුත්මි ගලගමගේ සහ නයනතාරා ටෙෂානි) නිතරග ජය ලබා එම ඉසව්වල දෙවැනි වටයට පැමිණ සිටිති.

මෙම තරගාවලිය සහභාගි වී සිටින ශ්‍රී ලංකා මිශ‍්‍ර යුගළ කණ්ඩායම් 3 ටද පළමු වටයේදී නිතරග ජයග‍්‍රහණ හිමිවී ඇති අතර ඔවුන් සහභාගි වන දෙවැනි වටයේ තරග හෙට (9 වැනිදා) පැවැත්වීමට නියමිතය.

බාලක කේවල පළමු වටය
ෆොන්ග් හවු සිම් (මැලේසියාව) විසින් තරග වට 2-0 ක් ලෙස සෙව්මිණ ගුණතිලක පරාජය කරන ලදි. (21/11, 21/10)

බාලක කේවල දෙවැනි වටය
රන්තුෂ්ක සසිඳු සහ චීන තායිපේහි දේන් සින් යුවාන් අතර
මධුක දුලාංජන සහ පේරු රාජ්‍යයේ බෘනෝ බරුඒටෝ අතර

බාලිකා කේවල දෙවැනි වටය
ඉනුරි කුරුප්පු සහ හොං කොංහි ලෙයුන්ග් යුඑට් යී අතර
බුත්මි ගලගමගේ සහ ඉතාලියේ සිල්වියා ගරීනෝ අතර
හසාරා විජේරත්න සහ ස්ලෝවේනියාවේ එමා සිසෙල්ජ් අතර

බාලක යුගළ පළමු වටය
කසුන් අමරසේන/උමිඳු ලියනගේ සහ චෙක් ජනරජයේ ඔන්ඩ්‍රේජ් ක්රාල්/ජෑන් සොමෙර්ලික් අතර

බාලක යුගළ දෙවැනි වටය
ශාමික හසරංග/පසිඳු පල්ලියගුරුගේ සහ මැලේසියාවේ ජුන් හා ඕ ලියෝන්ග්/සී හෙන්ග්  ඕයි

බාලිකා යුගළ පළමු වටය
ලසංගා හෙට්ටිආරච්චි/ඉනුරි කුරුප්පු සහ ඉන්දියාවේ මහීමා අගර්වාල්/ශිඛා ගෞතම් අතර

බාලිකා යුගළ දෙවැනි වටය
බුත්මි ගලගමගේ/නයනතාරා ටෙෂානි සහ ජෝර්ජියාවේ බටියාෂ්විලි ටේ ඕනා/මාරියා ඛාචතූර්යන් අතර හෝ නෙදර්ලන්තයේ මාලීස් බාන්/ඇලීසා ටිර්සෙන්ටොනෝ අතර

මිශ‍්‍ර යුගළ දෙවැනි වටය
මොහොමඞ් ශාදීර්/ලසංගා හෙට්ටිආරච්චි සහ ප‍්‍රංශයේ එලෝයි ඇඩම්/විමලා හෙරියාව් අතර
තෙවින් රාහුබද්ද/කවිෂ්කා ගුණරත්න සහ  ඕස්ටේ‍්‍රලියාවේ ජෙකෝබ් ස්චුයේලර්/ටිෆානි අතර
තිළිණ ගෝනපීනුවල/හසාරා විජේරත්න සහ චෙක් ජනරජයේ ජනරජයේ ඔන්ඩ්‍රේජ් ක්රාල්/මොනිකා ස්වෙට්නිකෝවා අතර

 


අදහස් (0)

සෙව්මිණට පළමු වටයේදීම පරාජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.