Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සමග එක්ව වැල්ලවත්ත ක්‍රීඩා සමාජය සංවිධානය කළ බස්නාහිර පළාත් කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ වයස 19 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට කොළඹ නාලන්දා විදුහලේ සෙහස් වීරසිංහද, බාලිකා ශූරතාව දිනාගැනීමට කොළඹ කාන්තා විදුහලේ යෙනුලි බස්නායකද සමත් වූහ.
බාලක අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස කොළඹ රාජකීය විදුහලේ සචිත ගීගනගේ පරාජය කරමින් සෙහස් එම ශූරතාවට හිමිකම් කීවේය. යෙනුලි එම ශූරතාවට හිමිකම් කීවේ බාලිකා අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ දුල්හාරා හුලාවා පරාජය කරමිනි.
බණ්ඩාරගම ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 515 දෙනෙක් සහභාගි වූහ. ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උප සභාපති චතුර ජයේන්ද්‍ර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් විය.
බාලක තරග ප්‍රතිඵල
වයස 7 න් පහළ
තවේන් සමරවීර (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල) විසින් වට 2-0 පුලින සමරසේකර (කොළඹ නාලන්දු විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/01)
වයස 9 න් පහළ
තේජස් ජයසිංහ (කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල) විසින් වට 2-0 ක් ලෙස කේ.ඩී. ක්‍රිෂ් (බෝපිටිය ලොයොලා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/08)
වයස 11 න් පහළ
කෙනුර සිල්වා (කොළඹ නාලන්දා විදුහල) විසින් වට 2-1 ක් ලෙස කේ. ආතිගේෂ් (කොළඹ හින්දු විදුහල) පරාජය කරන ලදි. (11/08, 07/11, 11/06)
වයස 13 න් පහළ
යෙනුල් අබේවික්‍රම (කොළඹ ආනන්ද විදුහල) විසින් වට 2-0 ක් ලෙස කෙනුර සිල්වා (කොළඹ නාලන්දා විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/09)
වයස 15 න් පහළ
යෙනුල් අබේවික්‍රම (කොළඹ ආනන්ද විදුහල) විසින් වට 2-1 ක් ලෙස පසිඳු භාෂිත (බෝපිටිය ලොයොලා විදුහල) පරාජය කරන ලදි. (15/13, 03/11, 11/08)
වයස 17 න් පහළ
පසිඳු භාෂිත (බෝපිටිය ලොයොලා විදුහල) විසින් වට 2-0 ක් ලෙස බතිල යොනාල් (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/05)
වයස 19 න් පහළ
සෙහස් වීරසිංහ (කොළඹ නාලන්දා විදුහල) විසින් වට 2-0 ක් ලෙස සචිත ගීගනගේ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/05)
බාලිකා තරග ප්‍රතිඵල
වයස 7 න් පහළ
පන්සිලුනි චාතූර්යා (නුගේගොඩ අනුලා විදුහල) විසින් වට 2-0 ඔනාරා වික්‍රමසිංහ (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/05)
වයස 9 න් පහළ
තසන්යා ඉඳුවරී (කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලික විදුහල) විසින් වට 2-0 ක් ලෙස චනුමි කුරේ (කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/04)
වයස 11 න් පහළ
සිතුකි සිනෙල්යා (ගම්පහ රත්නාවලී බාලිකා විදුහල) විසින් වට 2-0 ක් ලෙස චෙනුලි කංකානම්ගේ (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/03, 11/03)
වයස 13 න් පහළ
සෙනායා හුලංගමුව (කොළඹ විශාකා විදුහල) විසින් වට 2-1 ක් ලෙස ෂෙනෙල්යා ශෂින්ද්රි (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි. (11/08, 09/11, 11/07)
වයස 15 න් පහළ
ප්රමුක්ෂි ප්‍රනාන්දු (කොළඹ බිෂොප් විදුහල) විසින් වට 2-0 ක් ලෙස මෙනුජි වීරසිංහ (කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/06)
වයස 17 න් පහළ
මෙනුජි වීරසිංහ (කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල) විසින් වට 2-1 ක් ලෙස යෙසඳි බිමන්සා (කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (12/14, 11/07, 12/10)
වයස 19 න් පහළ
යෙනුලි බස්නායක (කොළඹ කාන්තා විදුහල) විසින් වට 2-0 ක් ලෙස දුල්හාරා හුලාවා (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය) පරාජය කරන ලදි. (14/12, 11/08)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.