Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සොනාල් ගුවන් හමුදා පාපැදි සවාරිය ජයගනී

සොනාල් ගුවන් හමුදා පාපැදි සවාරිය ජයගනී

නාමල් පතිරගේ - 2021 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 22ක තරග ඉතිහාසයේ පළමු වතාවට ගුවන් හමුදා පාපැදි සවාරියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩකයෙකු වන සොනාල් ද සිල්වා 7 වැනිදා සමත් විය. ඒ කටුනායකින් ආරම්භ වී කුලියාපිටිය හරහා නැවත කටුනායක නගරයට කිලෝ මීටර් 148.8ක් දුර ගෙවා පැමිණ අවසන් වූ 22 වැනි ගුවන් හමුදා පාපැදි  සවාරිය පැය  3 විනාඩි 24 තත්පර 49කට නිමා කරමිනි.

සොනාල් මෙවර ජයග්‍රාහකයා වූයේ තරගයේ හොඳම වේගය (ස්ප්‍රින්ටර්)  වාර්තා කළ තරගකරුවාට හිමි සම්මානයද දිනා ගනිමිනි. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය එක් දින ධාවනයකට සීමා වුවත් පසුගිය වසරේ (2020) තුන් දින ධාවනයක් ලෙස පැවැති ගුවන් හමුදා පාපැදි සවාරිය (කිලෝ මීටර් 450) ජයගත් යුද හමුදා ක්‍රීඩක කුෂාන් රාජපක්ෂට ඊයේ තරගය නිමා කරන විට හිමි වූයේ 51වැනි ස්ථානයයි.

පසුගිය වසරේ තරගයේදී මෙවර ජයග්‍රාහක සොනාල්ට හිමි වී ඇත්තේ 37 වැනි ස්ථානයයි. මේ අතර මෙවර තරගයේදීත් හොඳම යොවුන් ක්‍රීඩකයා බවට පත්වූ ෂෙනාල් චාමෝද්, සොනාල් හා තියුණු තරගයක නිරත වෙමින් තත්පර 10 පිටුපස සිටිමින් දෙවැනි ස්ථානය ලැබීය.

තරගකරුවන් 194 දෙනකු මෙවර තරගයට සහභාගි වී සිටියේ වසරකට පසුව මෙරට පැවති පළමු ප්‍රධානතම දේශීය පාපැදි තරගයකට සහභාගිවීමට දැක්වූ උනන්දුව ප්‍රදර්ශනය කරමිනි.

මෙවර ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂ එකහමාරක් ප්‍රදානය කෙරුණි.  ඊයේ පිරිමි තරගය නිමා කරන විට මීට පෙර ගුවන් හමුදා පාපැදි සවාරිය ජයගෙන තිබූ නමගිය පළපුරුදු තරගකරුවන් ගණනාවක් පරාජයට පත්ව තිබීම කැපී පෙණුනි.

මේ අතර ඊයේ පැවැති ගුවන් හමුදා පාපැදි කාන්තා තරගයේ ජය ගියවර ශූරිය වන උදේෂිනි කුමාරසිංහ විසින්ම දිනා  ගනුලැබුවේ වේගවත්ම (ස්ප්‍රින්ටර්) ක්‍රීඩිකාවට හිමි සම්මානයද දිනා ගනිමිනි. 


අදහස් (0)

සොනාල් ගුවන් හමුදා පාපැදි සවාරිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.