Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රීඩා සංගමයට රුපියල් මිලියන 1.5 ක වටිනාකමින් යුත් ක්‍රීඩා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එම ක්‍රීඩා උපකරණ තොගය සෞඛ්‍ය ක්‍රීඩා සංගමයට ලබාදීම ඉකුත්දා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අතින් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රීඩා සංගමයේ පාපන්දු, ක්‍රිකට්, වොලිබෝල් සහ බැඩ්මිටන් ඇතුලු ක්‍රීඩා සමාජවල නායකයන් වෙත මෙම ක්‍රීඩා උපකරණ නිල වශයෙන් ලබාදීම එහිදී සිදුවිය.
ක්‍රීඩාව සහ සෞඛ්‍ය අතර පවතින දැඩි සම්බන්ධතාවය මගින් නිරෝගී ජාතියක් රටට දායාද කිරිම අරමුණු කරගෙන ජාතික සෞඛ්‍ය ක්‍රීඩා වැඩසටහන දායකත්වය ලබාදෙනු ලබයි. මෙම ජාතික සෞඛ්‍ය ක්‍රීඩා වැඩසටහන තුළ දිවයින පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ වෛද්‍ය ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩල රැසක් ක්‍රිකට්, පාපන්දු, අත්පන්දු, දැල් පන්දු, බැඩ්මිටන්, කරාටේ හා මළල ක්‍රීඩා ජාතික සහ ජාත්‍යන්තර තරග සදහා සහභාගි වේ.
මෙලෙස ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම්ලත් ජාතික සෞඛ්‍ය ක්‍රීඩා වැඩසටහනෙහි භෞතික සම්පත් සංවර්ධනය කරමින් ක්‍රීඩා අංශය ශක්තිමත් කිරිම සදහා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මෙම ක්‍රීඩා උපරකරණ තොගය පරිත්‍යාග කර ඇත.
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ නිරෝගිමත් ජාතියක් බිහිකිරිමට ක්‍රීඩාව විශාල කාර්යභාරයක් සිදු කරන බවය. සෞඛ්‍ය සේවකයන් සම්බන්ධ කරගෙන පසුගිය කාලය පුරා ශාරීරික යෝග්‍යතා වැඩසටහන් රැසක් දියත් කළ බවත්, එම වැඩපිළිවෙලද ක්‍රීඩාව සමග ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට කටයුතු සිදු කළ යුතු බවත් එහිදී ඔහු කීය.
මෙම අවස්ථාව සඳහා අතිරේක ලේකම් (සංවර්ධන) චන්ද්‍රරත්න පල්ලේගම මහතා, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) සුනිල් ද අල්විස් මහතා, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාතිලක මහතා, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන) කේ.පී යෝගචන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.සී. නාලක මහතා ඇතුලු ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රීඩා සංගමය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රිඩිකාවෝ රැසක් එක්ව සිටියහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.