Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යලය අද (5 වැනිදා) සමත්විය.
මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට සිරි පියරතන මධ්‍ය මහා විද්‍යලය සමත්විය.
තක්ෂිලා විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකළ මදුශාන් පිරීස් ලකුණු 27 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
තිසර සචින්තන ලකුණු 28 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද සිරි පියරතන විදුහල ජයග්‍රහණය කරා යෑම වැලැක්වීමට ඔහු අපොහොසත් විය.
තක්ෂිලා විදුහල - ඕවර 38.2 කදී සියලුදෙනා දැවී 128
(සසංග අදීප 28, ගිහාන් මධුබාෂ් 27, මදුශාන් පිරීස් 27/6, හසිත මදුභාෂණ 29/2)
සිරි පියරතන විදුහල - ඕවර 30.5 කදී කඩුලු 7 ක් දැවී 131
(දෙව්මිණ රත්නසිරි 31, කාවින්ද ප්‍රනාන්දු 21, තිසර සචින්තන 28/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.