Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිම්බාබ්වේ පිලෙන් සාර්ථක ආරම්භයක්

සිම්බාබ්වේ පිලෙන් සාර්ථක ආරම්භයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර චිතගොන්හි සාහුර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ පිල කඩුල්ලක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය.

ඒ අනුව සිම්බාබ්වේ පිල බංගලාදේශයට වඩා තවත් ලකුණු 390 ක් පසුපසින් සිටියි.
අද දිනයේදී තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි සිකන්දර් රාසා නොදැවී ලකුණු 54 ක් සහ හැමිල්ටන් මසකඞ්සා නොදැවී ලකුණු 51 ක් බැගින් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල සියලූ දෙනා දැවී ලකුණු 503 ක් ලබාගත්තේය. අද දිනයේදී සිය 17 වැනි අර්ධ ශතකය (71) වාරතා කළ සකීබ් අල් හසන්, බංග්ලාදේශ පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ආරම්භක පිතිකරුවන් වූ ටමීම් ඉක්බාල් (109) සහ ඉම්රුල් කේයිස් (130) ශතක ලබාගනිමින් බංග්ලාදේශ පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

සිම්බාබ්වේ පිලේ වැඩිම කඩුලූ ලාභියා වූ සිකන්දර් රාසා ලකුණු 123 කට බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලූ 3 ක් දවාගත්තේය.


බංග්ලාදේශ පිල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 503    
(ටමීම් ඉක්බාල් 109, ඉම්රුල් කේයස් 130, මොමිනුල් හක් 48, මහමදුල්ලා 17, ශකීබ් අල් හසන් 71, මුෂ්ෆිකුර් රහීම් 15, ශුවගත හොම් 35, රුබෙල් හුසේන් නොදැවී 45, සිකන්දර් රාසා 123/3, ශින්ගි මසකඞ්සා 77/2, ටිනාෂේ පන්යන්ගාරා 70/2)

සිම්බාබ්වේ පිල - පළමු ඉනිම කඩුල්ලක් දැවී 113
(සිකන්දර් රාසා නොදැවී 54, හැමිල්ටන් මසකඞ්සා නොදැවී 51)


- 036


අදහස් (0)

සිම්බාබ්වේ පිලෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.