Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හම්බන්තොට ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩා පාසලකට

හම්බන්තොට ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩා පාසලකට

යොහාන් භාසුර - 2020 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍රකරගනිමින් ක්‍රිකට් ක්‍රීඩා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන සහ ක්‍රීඩා යන අමාත්‍යංශය ඒකාබද්ධව කටයුතු කරමින් සිටියි. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩා පාසල ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ එක ක්‍රීඩාවක් වෙනුවෙන්ම ආරම්භ කරන පළමු ක්‍රීඩා පාසල වන අතර ෙමම පාසල අලුෙතන්ම ඉදිකෙරේ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ක්‍රිකට් ක්‍රීඩා පාසල ආරම්භ කරන බව දැනගන්නට තිබේ.  මෙම ක්‍රිකට් ක්‍රීඩා පාසල ඇතුළු නව ක්‍රිකට් ක්‍රීඩා පාසල් හතරක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇති බවද දැනගන්නට තිබේ.

සෙසු ක්‍රිකට් ක්‍රීඩා පාසල් තුන මන්නාරම මුරුක්කන් විදුහලේ, බුත්තල පැල්වත්ත මහ විදුහලේ සහ හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහලේ ස්ථාපිත කිරීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ නව ක්‍රීඩා පාසල් හතර ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීඟහජදුර ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක මුදලක් වැය කරමින් 2011 වසරේ ඉදිකළ මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය උපරිම වශයෙන් ප්‍රයෝජනයට නොගැනීම පිළිබඳව වරක් පාර්ලිමේන්තුවේ ද මාතෘකාවක් බවට පත්විය.

මෙම ක්‍රීඩාංගණයේ 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 20 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 7 ක් පවත්වා තිබේ.  
 


අදහස් (0)

හම්බන්තොට ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩා පාසලකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.