Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හමීඞ් අල් හුසේනි පාපන්දු අවසන් පූර්ව තරග අද

හමීඞ් අල් හුසේනි පාපන්දු අවසන් පූර්ව තරග අද

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා ආරාධිත පාසල් ‘හමීඞ් අල් හුසේනි’ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ නාලන්දා, කොටහේන ශාන්ත බෙනඩික්, කළුතර මුස්ලිම් සහ කොළඹ හමීඞ් අල් හුසේනි යන විදුහල් සමත් විය.

තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 21 වැනිදා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. එහිදී කොටහේන ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව කළුතර මුස්ලිම් විදුහලත්, කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලට එරෙහිව කොළඹ නාලන්දා විදුහලත් තරග වැදීමට නියමිතය.

ඉකුත් සතියේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී ශාන්ත බෙනඩික් විදුහල ගෝල 5-0 ක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරමින්ද, හමීඞ් අල් හුසේන් විදුහල ගෝල 7-0 ක් ලෙස කොළඹ ඉසිපතන විදුහල පරාජය කරමින්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

මීගමුව මාරිස්ටෙලා විදුහල සහ කළුතර මුස්ලිම් විදුහල අතර පැවති තරගය නිමාවන විට දෙපිලම ගෝලය බැගින් ලබා සිටි අතර කළුතර මුස්ලිම් විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ දඬුවම් පහර 5-4 ක් ලෙස එම තරගය ජයගනිමිනි.

කොළඹ නාලන්දා විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර පැවති තරගය නිමාවන විට දෙපිලම ගෝල ලබා නොසිටි අතර 3-2 ක් ලෙස දඬුවම් පහර අවස්ථා සාර්ථක කරගත් කොළඹ නාලන්දා විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.  

මෙතෙක් පැවති තරග වලිදී කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ මොහොමඞ් රහුමාන් සහ මෙහොමඞ් මුජීබ්ද, කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ ජූඞ් ප‍්‍රනාන්දු සහ සී. දිල්ෂාන්ද ගෝල 3 බැගින් රැුස්කිරමින් තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ පසුවෙති.

‘ඒ. එන්. ටී. ග්ලාසස් සහ ෆිටිංන්ස්’ පුද්ගලික සමාගමේ අනුග‍්‍රහයෙන් හමීඞ් අල් හුසේන් විදුහලේ 80 කණ්ඩායම, 8 වැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරයි.


අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • කොළඹ නාලන්දා විදුහල විසින් දඬුවම් පහර 3-2 ක් ලෙස කළුතර සිරිකුරුස විදුහල පරාජය කරන ලදි.
  • කළුතර මුස්ලිම් විදුහල විසින් දඬුවම් පහර 5-4 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරන ලදි.
  • කොටහේන ශාන්ත බෙනඩික් විදුහල විසින් ගෝල 5-0 ක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි.
  • කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල විසින් ගෝල 7-0 ක් ලෙස කොළඹ ඉසිපතන විදුහල පරාජය කරන ලදි.

අදහස් (0)

හමීඞ් අල් හුසේනි පාපන්දු අවසන් පූර්ව තරග අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.