Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සමස්ත ලංකා ආරාධිත පාසල් ‘හමීඞ් අල් හුසේනි’ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල සමත්විය. අවසන් මහා තරගයේදී කළුතර මුස්ලිම් විදුහල ගෝල 2-0 ක් ලෙස පරාජය කරමින් ඔවුහු මෙම ශූරතාවට හිමිකම් කීහ.
තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනාගැනීමට කළුතර මුස්ලිම් විදුහලේ එම්. එම්. එම්. අසීර් සමත් වූ අතර වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ කී‍්‍රඩකයාට හිමි සම්මානය හිමිවූයේ හමීඞ් අල් හුසේනි විදුහලේ එන්. සී. රෙහෙමාන්ටය.
කොළඹ නාලන්දා විදුහල් කණ්ඩායමේ දැල් රකින්නා වන එම්. ඒ. පසිඳු තරගාවලියේ දක්ෂතම දැල රකින්නා ලෙස සම්මාන ලැබීය.
අවසන් පූර්ව වටයේදී කොළඹ නාලන්දා විදුහල ගෝල 4-0 ක් ලෙස පරාජය කරමින් කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. කළුතර මුස්ලිම් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දඩුවම් පහර 4-3 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරමිනි.
තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයෙන් කොළඹ නාලන්දා විදුහල පරදවා ගෝල 5-0 ක පහසු ජයක් වාර්තා කිරීමට කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සමත්විය.
‘ඒ. එන්. ටී. ග්ලාසස් සහ ෆිටිංන්ස්’ පුද්ගලික සමාගමේ අනුග‍්‍රහයෙන් හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම 8 වැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.