Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වත්මන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් මැයි 3 වැනිදා නිකුත් කළ 2024 අංක 01දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග මාලාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයෙන් ක්‍රීඩා රෙගුලාසි අදාළ කර ගනිමින් මීට පෙර ක්‍රීඩා ඇමැතිවරුන් නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදන 38 ක් අභිබවා ගොස් තිබේ.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමග කියවිය යුතු 41 වැනි වගන්තිය යටතේ ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග යටතේ මැයි 3 වැනිදා මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.
ඇමැති හරීන්ගේ නව ක්‍රීඩා රෙගුලාසි මාලාව යටතේ වසර 2016 සිට 2024 ජනවාරි 24 වැනිදා දක්වා එතෙක් කටයුතු කළ ක්‍රීඩා ඇමැතිවරුන් හය දෙනකුගේ එකී ගැසට් නිවේදන බල රහිත කර හෝ අවම සංශෝධනයන්ට ලක් කර තිබේ.
නව නියෝගමාලාව යටතේ 5 වැනි කොටසේ ”නියෝග පරිච්ඡීන්න කිරීම” යටතේ 10 වැනි වගන්තියෙන් දක්වා ඇත්තේ ක්‍රීඩා පනත ප්‍රකාරව ක්‍රීඩා ඇමැතිවරයා විසින් සාදන ලද පහත නියෝග යටතේ නිත්‍යානුකූලව සිදු කරන ලද කිසිවකට අගතියක් නොවන පරිදි එකී නියෝග මෙයින් පරිච්ඡීන්න කරනු ලැබේ යනුවෙනි.
ඒ අනුව 2016 ඔක්තෝබර් 27 වැනි දින අංක 1990/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2016 අංක දරණ ජාතික ක්‍රීඩා සංගම් නියෝග සිට 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, හා 2024 යන වසර වලදී සංශෝධනය කරමින් හා අවලංගු කරමින් නිකුත් කරන ලද ක්‍රීඩා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදන හා නියෝග මෙලෙස අහෝසිවී තිබේ.
මෙකී කාලයන් තුළදී දයාසිරි ජයසේකර, පයිසර් මුස්තාපා, හරින් ප්‍රනාන්දු (වත්මන් ඇමැති) ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ, රොෂාන් රණසිංහ යන මහත්වරුන් ක්‍රීඩා ඇමැතිවරුන් ලෙස කටයුතු කරමින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කළ නව ගැසට් නියෝග මාලාවට සංශෝධන හා නව රෙගුලාසි ගණනාවක්ම හදුන්වාදී තිබීම කැපී පෙනේ.
ඒ අතර වැදගත්ම රෙගුලාසියක් ලෙස සැලකිය හැක්කේ දේශපාලකයන්ට ක්‍රීඩා සංසංගම්වල තනතුරු දැරීම තහනම් කිරීමයි.
එය එහි මෙසේ දක්වා ඇත.” පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනයක තේරී පත්වු හෝ නම් කරන ලද මන්ත්‍රීවරයකු වන්නේ නම්” එවැනි පුද්ගලයන්ට ක්‍රීඩා සංගම් තනතුරු දැරිය නොහැකිය.
කෙසේවුවත් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා 2022 දෙසැම්බර් මාසයේදී හදුන්වා දුන් රෙගුලාසි මාලාවට අනුව ක්‍රීඩා ඇමැති වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත් පුද්ගලයන් ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දැරීමට සුදුස්සන් වන්නේය යනුවෙන් රෙගුලාසියක් හදුන්වාදී තිබුණි.
වත්මන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අදාළ රෙගුලාසිය පැනවීම ගැන ප්‍රකාශ කළේ රටේ ක්‍රීඩාවෙන් දේශපාලනය බැහැර කිරිම සදහා තමන් මෙම රෙගුලාසිය හදුන්වා දුන් බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.