Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් පිල පහසුවෙන් ජයගනී

හැව්ලොක්ස් පිල පහසුවෙන් ජයගනී

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග් කුසලාන’ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරගයෙන් පොලිස් පිල පරදවා ලකුණු 28-19 ක ජයක් ලබා ගැනීමට හැව්ලොක්ස් පිල සමත්විය.


හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ජයග‍්‍රාහී හැව්ලොක්ස් පිල ගෝල දෙකක්, උත්සාහක දිනුමක් සහ දඩුවම් පහර තුනක් ලබා ගනිමින් ලකුණු රැුස් කළේය. පොලිස් පිල ගෝලයක් සහ ද`ඩුවම් පහර හතරක් සාර්ථක කර ගත්තේය.


පොලිස් පිලට අලූතින් එක්වූ රීසා මුබාරක් විසින් සාර්ථක කරගන්නා ලද දඬුවම් පහරකින් තරගයේ පස්වැනි විනාඩියේදීම තම පිල පෙරමුණට ගෙන ආ අතර තරගයේ 12 වැනි විනාඩිය වන විට ලකුණු 6 කින් පොලිස් පිල ඉදිරියේ විය.


ෆ්ලයි හාෆ් ක‍්‍රීඩක සමන්ත ලක්‍ෂාන් හැව්ලොක්ස් පිලට පළමු ලකුණ එක් කළේ තරගයේ 20 වැනි විනාඩියේදීය. හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය ලකුණු 13/9 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වුහ.


- 090

 


අදහස් (0)

හැව්ලොක්ස් පිල පහසුවෙන් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.