Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් - නාවික හමුදා තරගය සමව අවසන් වෙයි

හැව්ලොක්ස් - නාවික හමුදා තරගය සමව අවසන් වෙයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතිය යටතේ හැව්ලොක්ස් පිටියේදී විදුලි ආලෝකය මාධ්‍යයේදී ඊයේ (30) පැවැති තරගය ලකුණු 20-20 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

කණ්ඩායම් දෙකම ගෝල සහ දඩුවම් පහර දෙක බැගින් සම්පූර්ණ කළේය.  

නාවික හමුදා ක‍්‍රීඩකයෝ පළමු අර්ධයේදී ප‍්‍රබල හැව්ලොක්ස් පිලට දැඩි අභියෝගයක් යොමු කිරීමට සමත් වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලකුණු 13-10 ක් ලෙස නාවික හමුදා පිල පෙරමුණේ සිටියදී පළමු අර්ධය අවසන් විය.

හැව්ලොක්ස් පිල දෙවැනි අර්ධය ආරම්භයේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව 13-13 ක් ලෙස සම කළේය.

අවසන් මිනිත්තු 10 තුළදී කණ්ඩායම් දෙකම ගෝලය බැගින් සම්පූර්ණ කිරීමෙන් ලකුණු සමව තරගය අවසන් විය.

තරගය පැවැත්වෙන අතරතුරදී හැව්ලොක්ස් පිටියේ විදුලි ආලෝක පද්ධතිය දෙවරක් විසන්ධිවීමෙන් තරගය විනාඩි 12 ක් පමණ අත්හිටුවීමට සිදුවිය.

 


අදහස් (0)

හැව්ලොක්ස් - නාවික හමුදා තරගය සමව අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.