Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයට එරෙහිව හෙට (8 වැනිදා) ආරම්භවීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා බෙන් ස්ටෝක්ස්ගේ නායකත්වයෙන් යුත් 18 දෙනෙකුගෙන් සමන්විත නව සංචිතයක් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් පත්කර ඇත.
මෙම සංචිතය සඳහා නම්කළ ක්‍රීඩකයන් 18 දෙනාගෙන් 9 දෙනෙකුම එක්දින වරම් ලබා නැති, නවකයන් වීම කැපී පෙනෙන සිද්ධියකි. බ්‍රයිඩන් කාර්ස්, සැක් ක්‍රෝලි, ලුවිස් ග්‍රෙගරී, ටොම් හෙල්ම්, විල් ජැක්ස්, ඩෑන් ලෝරන්ස්, ඩේවිඩ් පේන්, පිලිප් සෝල්ට්, ජෝන් සිම්ප්සන් යන ක්‍රීඩකයන් තවමත් එක්දින වරම් හිමිකරගෙන නැත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා - එංගලන්ත තරගාලියේ අවස්ථාවක් නොලද ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස්ට නැවත වරක් එංගලන්ත පිලේ ස්ථානය අහිමි වී තිබේ. විනෝදය සඳහා මත්ද්‍රව්‍ය ගත් පරීක්‍ෂණයකින් අසමත් වීම හේතුවෙන් 2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් විසින් හේල්ස් නොසලකා හැර තිබේ. එසේ වුවත් ඇලෙක්ස් හේල්ස් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉදිරියෙන්ම සිටින්නෙකි.
මේ වන විට එංගලන්තයේ ප්‍රාන්ත අතර පැවැත්වෙන ‘විටැලිටි බ්ලාස්ට්’ එක්දින තරගාවලියේ නොටිංහැම්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින්, තරග 11 කදී ලකුණු 47.75 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින හේල්ස්ගේ ප්‍රහාරාත්මක වේගය පන්දු 100 කින් ලකුණු 172 කි.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගාවලියෙන් පසුව, ක්‍රීඩකයන් තිදෙනෙකු ඇතුළු හත්දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත එක්දින සංචිතය සම්පූර්ණයෙන්ම නිරෝධායනය සඳහා යැවීමට සිදුවිය. එවැන්නක් සිදු නොවූයේ නම්, ශ්‍රී ලංකාවට එරෙහිව නම්කළ සංචිතයම පාකිස්තානට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහාද නම් කිරීමට තීරණය කර තිබුණි.
ආබාධයකට ලක්වී සුවවෙමින් සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි20 තරගාවලියට එක්නොවූ බෙන් ස්ටෝක්ස් පළමු වරට එංගලන්ත එක්දින කණ්ඩායම මෙහෙයවීමට බලාපොරොත්තුවෙන් පසුවන්නේය.
විවේකයක් ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි20 තරගාවලි සඳහා එක්වූ නොවූ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා නැවතත් එංගලන්ත කණ්ඩායම සමගින් එක්වී ඇත.
එංගලන්ත සංචිතය
බෙන් ස්ටෝක්ස් (නායක), ජේක් බෝල්, ඩැනි බි්‍රග්ස්, බ්‍රයිඩන් කාර්ස්, සැක් ක්‍රෝලි, බෙන් ඩකට්, ලුවිස් ග්‍රෙගරී, ටොම් හෙල්ම්, විල් ජැක්ස්, ඩෑන් ලෝරන්ස්, සකීබ් මහ්මූද්, ඩේවිඩ් මැලන්, ක්‍රෙල් ඕවර්ටන්, මැතිව් පාකින්සන්, ඩේවිඩ් පේන්, පිලිප් සෝල්ට්, ජෝන් සිම්ප්සන් සහ ජේම්ස් වින්ස්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.