Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
නෙක්ස්ට් ජෙනරේශන් හොකී සංවර්ධන සංවිධානය මාසයකට ආසන්න කාලයක් පුරා රීඩ් මාවත කෘත්‍රීම හොකී පිටියේදී පැවැත්වූ පළමු ප්‍රධානතම පී එච් එල් අභියෝග ශූරතා (ප්‍රිමියර්) ලීග් හොකී (පිරිමි) තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ රුපියල් ලක්ෂ පහක තෑගි මුදලක්ද හිමි කර ගනිමිනි.
ඉතා තියුණු මුහුණුවරක් ගත් අවසන් මහ තරගයකින් නිමාවට පත්වූ තරගාවලියේ අනු ශූරතාව ලද ගුවන් හමුදා කණ්ඩායම එහිදී ගෝල 3 - 2 කින් පරාජය කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. ඒ අවසන් මොහොත දක්වා දෙපිල අතර සටන ගෝල 2 - 2 කට සමවී තිබියදීය.
මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය පොලිස් ක්‍රීඩා සමාජයට හිමි විය. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට සම්මාන දිනා ගත්තේ එහිදී වැඩිම ගෝල්ලාභියා ලෙසත් ද්විත්ව සම්මාන ලැබූ පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ පකිස්තානු ක්‍රීඩක මෝෂීන් ජට්ය.
තරගාවලියට ක්‍රීඩා කළ දේශීය ක්‍රීඩකයන් අතරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදා සමාජයේ ෂෙරෝන් නිමංක ප්‍රනාන්දු ශූරතා සම්මාන ලැබීය.
දක්ෂතම ගෝල් රකින්නාට හිමි සම්මානය ගුවන් හමුදා ක්‍රීඩක තුසිත් දර්ශන රත්නසිරි හිමි කර ගත්තේය. කුසල් තිලකසිරි (යුද හමුදා) තීරණාත්මක අවසන් මහ තරගයේ වීරයාට සම්මාන ලැබීය.
ධාරත ප්‍රියභාෂිත බණ්ඩාර තැන්නේගේ ජයග්‍රාහී යුද හමුදා ක්‍රීඩා සමාජයට නායකත්වය දුන්නේය. චාමර මෙල්ඩර් අනුශූරතාව ලද ගුවන් හමුදා කණ්ඩායමේ නායකයායි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රබල ක්‍රීඩකයන් අට දෙනකු බැගින් එම දෙපිලටම ක්‍රීඩා කිරීම කැපී පෙණුනි.
මූලික වටයේ තරග 28 ක් අවසානයේදී ඉහළම ප්‍රසාද ලකුණු ගණන ලද ගුවන් හමුදා කණ්ඩායමට ඉන්දීය ජාතික ක්‍රීඩකයෝ තිදෙනෙක් ඇතුළත්වී සිටියහ.
තරගය ආරම්භ කරමින් පළමු ගෝලය ධම්මික රණසිංහ විසින් යුද හමුදා පිලට රැස් කර දුන්නේය. ඒ සමගම ගුවන් හමුදා පිලට ඉන්දීය ක්‍රීඩක විකාෂ් චෞද්රි විසින් පළමු ගෝලය ලබා දුන්නේය.
කෙටි ආන්තික පහරක් මගින් ධම්මික රණසිංහ සිය දෙවැනි ගෝලය යුද හමුදා පිලට ලබාදීමෙන් ඔවුන් ගෝල 2 -1 ක් ලෙස යළිත් ඉදිරියට පැමිණියේය.
නැවත ක්‍රියාත්මක වූ ගුවන් හමුදා ක්‍රීඩක විකාෂ් චෞද්රි දෙපිල ගෝල 2 - 2 කට සම තත්වයකට ගෙන ආයේය. ක්ෂණික ආක්‍රමණයක නිරත වූ පසු පෙළ ආරක්ෂක ක්‍රීඩක එරංග හේන්දෙණිය යුද හමුදා පිලේ තෙවැනි ගෝලය ලබා ගැනීමත් සමග පළමු මෙරට ප්‍රධානතම ලීග් හොකී තරගාවලියේ ජයග්‍රාහකයා විසදුණි.
ජය සංකේත ප්රදානය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. නෙක්ස්ට් ජෙනරේශන් හොකී සංවර්ධන සංවිධානයේ සභාපති මුරාඩ් අමීර්ඩීන්, එහි ලේකම් විමුක්ති දර්ශන, උප සභාපති සදරුවන් ප්රියලංකා, ගුවන් හමුදා හොකී සභාපති එයාර් වයිස් මාර්ෂල් ෂෙහාන් විජේනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.