Last Update  :  2024-12-03 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොරණ ශ්‍රී මේධංකර - අගලවත්ත මිහිඳු බාලිකා මහ ක්‍රිකට් තරගය බණ්ඩාරගමදී

හොරණ ශ්‍රී මේධංකර - අගලවත්ත මිහිඳු බාලිකා මහ ක්‍රිකට් තරගය බණ්ඩාරගමදී

editorial - 2024 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලය හා අගලවත්ත මිහිඳු මධ්‍ය මහ විද්‍යාලය අතර පළමු වරට පැවැත්වෙන මහ ක්‍රිකට් තරගය හෙට (31 වැනිදා) බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම තරගයේ සත්කාරකත්වය දරනු ලබන්නේ මේධංකර මහා විද්‍යාලය විසිනි. 

‘සිංහ ධේනුවන්ගේ ගර්ජනාව’ ලෙස නම් කර ඇති මෙම තරගය කළුතර දිස්ත්‍රික්කයේ දෙවන පෙළ පාසල් දෙකක් අතර පැවැත්වෙන පළමු කාන්තා මහ ක්‍රිකට් තරගය වන අතර හොරණ අධ්‍යාපන කලාපයේ සහ මතුගම අධ්‍යාපන කලාපයේ පාසල් දෙකක් අතර පැවැත්වෙන පළමු කාන්තා මහ ක්‍රිකට් තරගයද මෙය වේ. 
 
මෙම තරගයේදී හොරණ මේධංකර මහ විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ යසංගි අයෝධ්‍යා විසිනි. මිලින්දි හංසකා එහි උප නායිකාව ලෙස කටයයුතු කරන්නීය. සමන් මඩලකන්ද මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, බුද්ධිනී වීරකෝන් මෙනෙවිය කළමණාකාරිණිය ලෙසත්, දිලංක ලක්ෂාන් මහතා ශාරීරික යෝග්‍යතා පුහුණකරු ලෙසත් කටයුතු කරති. 

එහිදී අගලවත්ත මිහිඳු මධ්‍ය මහ විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ චමාදි තේනුවර විසිනි. ධනුෂා ධනෝජි එහි උප නායකත්වය දරන්නීය. නිමේෂ් ජීවන් මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ගිමිහානි ජයසිංහ මහත්මිය කණ්ඩායම් භාර ආචාර්යවරිය ලෙස කටයුතු කරන්නීය. 

මේධංකර විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දරන යසංගි අයෝධ්‍යා පසුගිය අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේදී නොදැවී ද්විත්ව ශතකයක්ද වාර්තා කරමින් වයස අවුරුදු 19 පහළ දෙවැනි පෙළ පාසල් අතර ශ්‍රී ලංකාවේ දෙවනියට වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩිකාව බවට පත්වූවාය. 

එම කණ්ඩයමේ රශ්මිලා නිශාදි මෙවර වයස අවුරුදු 19 පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේදී බස්නාහිර පළාත් කණ්ඩායම නියෝජනය කරමින් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නියන් දස දෙනා අතරට එක්වී ඇත. දිනිදි දුන්දිලා ශ්‍රී ලංකා ගෘහස්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවකි. 

මිහිඳු විද්‍යාලයීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගිය පාසල් ක්‍රිකට් තරගාවලියේදී විශේෂ දක්ෂතා දැක්වු කණ්ඩායමක් වන අතර එහි කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සිටිති. ඉකුත් වසරේදී (2023) කාන්තා ක්‍රිකට් ආරම්භ කළ මෙම විදුහල, මතුගම අධ්‍යාපන කලාපයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමටද සමත් විය. 

 

හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලය

 

අගලවත්ත මිහිඳු මධ්‍ය මහ විද්‍යාලය 

 


අදහස් (0)

හොරණ ශ්‍රී මේධංකර - අගලවත්ත මිහිඳු බාලිකා මහ ක්‍රිකට් තරගය බණ්ඩාරගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.