Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
![]() |
![]() |
ඕස්ටේ‍්‍රලියානු විවෘත මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන්, රුමේෂිකා රත්නායක සහ නිමාලි ලියනාරච්චි හෙට (29) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව යති.
මේ මස 31 වැනිදා සිට අපේ‍්‍රල් මස 3 වැනිදා දක්වා ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී තරගාවලිය පැවැත්වේ.
මෙය රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන ප‍්‍රධාන තරගාවලියක් ලෙස ද සැලකේ.
හිමාෂ, රුමේෂිකා සහ නිමාලි පසුගියදා ඉන්දියාවේ පැවැති ඇසෑම් 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති.
මීටර 100 පිරිමි ඉසව්වට සහභාගිවන හිමාෂ, ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවාලීමට නම් තත්පර 10.16 ක කාලයක් වාර්තා කළ යුතුවේ. හිමාෂ, මීටර 100 ඉසව්වෙන් වාර්තා කර ඇති හොඳම කාලය වන්නේ තත්පර 10.26 කි.
රුමේෂිකා රත්නායක මීටර 100 ඉසව්වට සහභාගිවන අතර ඇය සාග් ක‍්‍රීඩා උළෙලේදී තත්පර 11.71 ක කාලයක් වාර්තා කරමින් ජය ගත්තාය.
මීටර 800 ඉසව්වටම එක්වන නිමාලි ලියනාරච්චි, මීටර 800 කාන්තා ඉසව්වට සහභාගිවෙයි එම ඉසව්වෙන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමට නම් විනාඩි 2 තත්පර 01.05 ක පරිසාධන මට්ටමක් ලබාගත යුතුය. නිමාලි මීටර 800 ඉසව්වෙන් දක්වා ඇති හොඳම දක්ෂතාව විනාඩි 2. 03. 94 කි.
මෙම තරග සංචාරයේදී චමින්ද පෙරේරා සහ ඒ.එස්.ආර්.අබේසේකර යන මහත්වරු පුහුණුකරුවන් ලෙස සහභාගිවෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.