Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ස්විස්ටර්ලන්තයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කරවා ගැනීමේ මූලික සාකච්ඡා ඇරඹීමේ පසුබිම සකස් කර ගැනීම සඳහා එහිදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් මුණ ගැසීමට සැරසී සිටින බව වාර්තාවේ.
අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ මූලස්ථානය ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවර පිහිටා තිබේ. මේ වනවිට ස්විස්ටර්ලන්තයට ළඟාවී සිටින ක්‍රීඩා ඇමැතිවරයා ඉදිරි දින කීපයේදී එම මූලස්ථානයේ කැඳවීම් වලට ප්‍රතිචාර දක්වමින් එහි ප්‍රධානීන් මුණගැසෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඇමැතිවරයා පෙරළා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන සිකුරාදා (2.30) ටය.
පසුගිය ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකාවට පැනවූ ජාත්‍යන්තර පාපන්දු තහනමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යාංශ පාර්ශ්වය වෙනුවෙන් අන්තර් ජාතික පාපන්දු සම්මේලනයට ලිඛිතව කරුණු දැක්වීම් කීපයක්ම කළත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ඒවාට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මේ වනවිට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයට දැනුම් දී ඇත්තේ ඔවුන් ලබාදුන් මාර්ගෝපදේශයට අනුව කොන්දේසි සපුරමින් ශ්‍රී ලංකාවේ පාපන්දු නිලවරණය කැඳවා අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
ශ්‍රී ලංකා පාපන්දු ආයතන විධායක සභාවේ නිල කාලය අවම සිව් වසරක් විය යුතු බවට දැක්වෙන වගන්තියද එහිදී ඉටු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය අන්තර් ජාතික පාපන්දු සම්මේලනයට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
ඇමැතිවරයාගේ සුරිච් සංචාරයේ අරමුණ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කරවා ගැනීමේ සාකච්ඡා ආරම්භ කිරීමේ මූලික පසුබිම සකස් කර ගැනීමය. දෙවනුව සිදු කෙරෙන ‘සුරිච්’ සංචාරයකදී මෙරට ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු ප්‍රධානීන් කීප දෙනෙකුද ඒ සඳහා එක්වනු ඇතැයි වාර්තාවේ. ඒ අතර ජනවාරි 14 වැනිදා කැඳවූ නිලවරණයට පෙර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරය දැරූ ජස්වර් උමාර් මහතාද වෙති.
එදින පැවැති පාපන්දු ආයතනයේ නිලවරණයේදී තේරී පත්වූ විධායක සභාව පිළිගැනීම අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් ප්‍රතික්ෂේප කර සිටියේ ඊට තෙවැනි පාර්ශ්වයක(දේශපාලන) මැදිහත්වීම් සිදුවූ බවට චෝදනා කරමිනි. එය ශ්‍රී ලංකාව මුල් කරගත් මෙම ප්‍රශ්නය උච්චතම අවස්ථාව බවට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.