Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වන විට පැවැත්වෙමින් තිබෙන අන්තර් ක්‍රීඩා සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4 ක් අවසන් වන විට ගුවන් හමුදා ‘ඒ’ සහ යුදහමුදා ‘ඒ’ කණ්ඩායම් ප්‍රසාද ලකුණු 19 බැගින් ලබාගනිමින් කරට කර සටනන නිරත වෙති.
නමුත් ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත ගුවන් හමුදා ‘ඒ’ (2.960) කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන්නේය. යුදහමුදා ‘ඒ’ කණ්ඩාය 2.514 ක ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇත.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 8 ක් සහභාගි වන අතර ගුවන් හමුදාවෙන් කණ්ඩායම් 2 ක් සහ යුද හමුදාවෙන් කණ්ඩායම් 2 ක් ක්‍රීඩා කරති. ලීග් පදනම මත පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම කණ්ඩායමක්ම එකිනෙකා මුණගැසෙන අතර තරගාවලිය අවසානයේදී ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ලීග් ශූරතාව හිමිවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.