Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී අංක 1 ට පත්වූ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර මහතා මේ මස ආරම්භවීමට නියමිත ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලියේදී මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කර ඇත. මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා කටයුතු කරයි.
ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමෙන් පසුව කුලසේකර මහතා තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේදී පුහුණුකරුවකු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙය වන්නේය.
2017 වසරේදී අවසන් ජාත්‍යන්තර තරගයට සහභාගීවූ කුලසේකර මහතා 2019 මැද භාගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළේය. ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගන්නා විට ඔහු ටෙස්ට් කඩුලු 48 ක්, එක්දින කඩුලු 199 ක් සහ විස්සයි20 කඩුලු 66 ක් දවාගෙන තිබුණි.
කුලසේකර මහතාට අමතරව හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් මහතා මහනුවර ටස්කර්ස් කණ්ඩායම් කළමණාකරු සහ ක්‍රීකට් අධ්‍යක්‍ෂක ලෙස පත්කර ඇති අතර හිටපු කඩුළු රකින්නෙකුවූ ලංකා ද සිල්වා මහතාද පුහුණු කාර්ය මණ්ඩලයට එක්කරගෙන ඇත. ෆර්වීස් මහරූෆ් මහතා ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ කළමණාකරු වශයෙන්ද කටයුතු කර තිබේ.
තරගාවලිය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට කලින් දින නියම කරගෙන තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර අද පැවැති සාකච්ඡාවලින් අනතුරුව තරගාවලියේ අනාගතය තීරණය කෙරෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.