Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ අසරණ සරණ සමිතිය 29 වැනි වරටත් සංවිධානය කරන “ජායිපූර්” කෘත්‍රිම පාද පළඳින්නන් සඳහා වන “ඒඩෙක්ස්” ක්‍රීඩා උළෙල ලබන මස (සැප්තැම්බර්) 8 වැනිදා කොළඹ ගුවන් හමුදා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරගකරුවන් හා තරගකාරියන් 400ක් පමණ සහභාගි වීමට නියමිතය.
ක්‍රියාන්විත රාජකාරියේදී පාද අහිමි වූ හමුදා සාමාජිකයන් ඇතුළු රිය අනතුරු, විෂබීජ ශරීරගතවීම්, දියවැඩියාව ආදී රෝගාබාධවලින් පාද අහිමිවූවන් මෙන්ම උප්පත්තියෙන් පාද අහිමිවූවන් එම ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වේ.
මෙවර ජායිපූර් ක්‍රිඩා උළෙල සැප්තැම්බර් 8 වැනිදා පෙරවරු 9ට ආරම්භ වේ.
කාන්තා හා පිරිමි පාපැදි තරග, මලල ක්‍රීඩා ඇතුළුව ක්‍රීඩා ඉසව් 64ක් ඊට ඇතුළත් වන බව තරග සංවිධායකයෝ පවසති.
විවිධ ආයතන රැසක් මෙවර ක්‍රීඩා උළෙලට අනුග්‍රහය දක්වයි. එහිදී සිලෝන් ටී සර්විසස් සමාගම තරගකරුවන් හා ස්වෙච්ඡා සේවකයන් සඳහා බැනියම් හා හිස්වැසුම් ලබාදීමෙන් අනුග්‍රහය දක්වයි.
ලංකා ෆොන්ටේරා (ඇන්කර්) පිටිකිරි, ලක්ස්ප්‍රේ පිටිකිරි, ලංකා අලියා සිසිල් බීම, කොකාකෝලා සිසිල්බීම, ලංකා මිල්ක්මේඞ්, කාර්ගිල්ස්, ලංකා බිස්කට්, ස්ටැසන් යන සමාගම් ඇතුළු ගලදාරි, හිල්ටන් යන ආයතන මෙවර ඒඬේක්ස් ක්‍රීඩා උළෙලට සහයෝගය දක්වන සෙසු අනුග්‍රාහකයෝ වෙති.
කොළඹ අසරණ සරණ සමිතියේ 188 වැනි සංවත්සරයට සමගාමීව මෙවර ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේදී
මියුසියස් විදුහලේ බාලදක්ෂිකාවෝ, කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් හා ටෝල්මන් ටුවර්ස් ආයතනයේ සේවක සේවිකාවන්ද ක්‍රීඩා උළෙල පැවැත්වෙන දවස පුරා තරගකරුවන් හා රැඳෙමින් ඔවුන්ට සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.