Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ”ශක්තිමත් වූ නිසා ඉනිම අත්හිටවූවා”

”ශක්තිමත් වූ නිසා ඉනිම අත්හිටවූවා”

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකාව පිල දෙවැනි ඉනිම අත්හිටුවූයේ ශක්තිමත් තත්ත්වයකට පැමිණ ඇති බවට හැගුණු නිසා බව ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

තරගය අවසන් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් මෙසේ ද පැවසීය.
”අපි අනිවාර්යෙන්ම දැනගෙන හිටියා අපි ශක්තිමත් තැනක ඉන්නවා කියා. අපිට අවශ්‍ය වුණේ නෑ අවදානම් තත්ත්වයකට එන්න. ලකුණු 300 සීමාව පසු කළ පසුවයි ඉනිම අත්හිටුවන්න තීරණය කළේ. අපිට දැනුණා තණතීරුවේ මොනවා හරි වෙයි කියලා. ඒ වගේම දිවා විවේකයේ සිට තරගය අවසන් වන තෙක් කාලයේ අපිට යමක් කරන්න හැකි වෙයි කියන විශ්වාස උඩ තමයි අපි ඔවුන්ට ඉලක්කය ලබා දුන්නේ, නමුත් ඔවුන් හොදින් පන්දුවට පහර දුන්නා”

”මේ තරගයේදී කාසියේ වාසිය ඉතාමත් වැදගත් වුණා. ඇත්ත වශයෙන්ම අපිට පොඩි පීඩනයක් තිබුණා. පාකිස්තානු ප‍්‍රබල පන්දු යැවීම හමුවේ මා ඇතුඵ චන්දිමාල්, ප‍්‍රසන්න, කෞෂාල් ඉතාමත් හො`දින් පන්දුවට පහර දුන්නා. මට අවශ්‍ය වුණේ පීඩනය යටතේ කාලය ගතකිරීම පමණක් නොවයි ලකුණු රැස්කිරීමත් අවශ්‍ය වුණා, තරගය ආරක්‍ෂා කර ගැනීම පිළිබදව මා ගොඩක් සතුටු වෙනවා”

”අපි මේ තරගයේදී ක‍්‍රීඩා කළ විලාසය පිළිබද මම නායකයා හැටියට සෑහීමට පත් වෙනවා. ආරම්භක පිතිකරුවන් සාර්ථක වුණා. හැම දෙනාටම හැමදාම සාර්ථක වෙන්න බෑ, අපේ ප‍්‍රතිපත්තිය වෙලා තිබුණේ කවුද සාර්ථක වෙන්නේ ඔහු ලොකු ඉනිමකට යා යුතුයි කියන එකයි. පිතිකරුවන් සාර්ථක වුණා, පිතිකරු ලැයිස්තුවේ වෙනසක් කිරීමේ අවශ්‍යතාවක් නෑ. ඒ වගේම තිරිමාන්න තවම සුව අතරට හැරිත් නෑ”

මෙම තරගයේදී පිට දග පන්දු යවන්නා ලෙස ක‍්‍රීඩා කළ සචිත‍්‍ර සේනානායක පිළිබදව සෑහීමකට පත්වන්නේද යන ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.

‘‘සචිත‍්‍ර සේනානායක හොද පන්දු යවන්නක්, නමුත් අපි දන්නවා පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන විට පොඩි පීඩනයක් තියෙනවා. සෑම පාකිස්තානු පිතිකරුවකුම හැම විටටම සේනානායකට  පීඩනය යොමු කළා. ටෙස්ට් තරගයක පන්දු රකින්නන් ළග රදවා පන්දු යවන විට සචිත‍්‍රට ටිකක් අමාරුයි, ඒ නිසා ඔහුට මේ තරගය අමාරු වුණා”

තරගය පැවැති තණතිල්ලේ ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම දග පන්දු යවන්නා වන රංගන හේරත්ට සාර්ථක වීමට නොහැකි වීම පිළිබදව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

”පළමු දවස් තුනේ මේ තණතීරුව වේග පන්දු යවන්නන්ට වාසිදායක වුණා. අපි දැක්කා වේග පන්දු යවන්නන් පැමිණි හැම අවස්ථාවකම යමක් හෝ සිදුවුණා. මේක සාමාන්‍ය අබුඩාබි තණතීරුවක් නොවයි. සාමාන්‍යයෙන් අබුඩාබි තණතීරුව තෙවැනි සහ සිවුවැනි දින වන විට පන්දුව දග කැවෙනවා. ඒ නිසා හේරත්ටත්, පාකිස්තානු පිලේ සයිඞ් අජ්මාල්ටත් කඩුලූ ලබා ගන්න අපහසු වුණා”

 


අදහස් (0)

”ශක්තිමත් වූ නිසා ඉනිම අත්හිටවූවා”

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.