Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 10 හැවිරිදි ෆතුර්ගෙන් ලකුණු 7000 ක්

10 හැවිරිදි ෆතුර්ගෙන් ලකුණු 7000 ක්

editorial - 2021 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග 196 ක දී ලකුණු 7000ක් ඉක්මවා ගිය තවමත් 10 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලාංකික ළාබාල ක්‍රිකට් ක්‍රීඩකයකු ගැන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වේ.  ඔහු ෆතූර් රහමාන්ය. ඔහු යළිත්  අවධානය දිනාගත්තේ එරට ‘ඩෙසර්ට් ක්ලබ්’ ක්‍රීඩා ඇකඩමි කණ්ඩායමට එරෙහිව එස්.ඊ.එස්. පැන්තර්ස් කණ්ඩායම නියෝජනය කරමින්  පන්දු 103ක දී ලකුණු 274ක් වාර්තා කිරීමෙනි.  එරට ක්‍රිකට් වාර්තා පොත අලුත් කළ ඔහුගේ මෙම ඉනිමට හතරේ පහර 20ක් හා හයේ පහර 32ක් ඇතුළත් විය.

ලාංකික දෙමව්පියන් යුවළකට දාව ඉපිද එහිම හැදී වැඩී කල් ගෙවන මෙම ළාබාල පිතිකරුවාගේ අදිටන කෙදිනක හෝ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමයි.

පිතිකරුවකු පමණක් නොව පන්දු යවන්නෙකු ලෙසත් දස්කම් දැක්වීමෙන් මේ වනවිට තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවටත් පත්ව සිටින ෆතූර් රහමන් ලකුණු 7000 සීමාව පසු කිරීමේ දී ශතක 15ක් හා අර්ධ ශතක 39ක් රැස් කිරීමට  සමත්ව සිටීම කැපී පෙනේ. මෙකී කාලය තුළදී ෆතූර් රහමන් කඩුලු 109 ක්ද බිඳ හෙළීමට සමත්ව සිටියි.

ෆතූර්ගේ වැඩිමහල් සොහොයුරු ෆයිසර් රහුමන් මේ වනවිට එරට වයස 16න් පහළ කාණ්ඩයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින තුන්ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙකි.

ක්‍රිකට් පිටියේ සිය දක්ෂතා මෙතරම් ළාබාල වියේදීම ප්‍රවර්ධනය කර ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘වෙස්පැස්ටන්’ ක්‍රිකට් පුහුණු විද්‍යායතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඉන්දික බටුවිටආරච්චි මහතාගෙන් ලැබෙන දායකත්වය ෆතූර් රහමන් ඉහළින්ම අගය කරයි.   

- 223


අදහස් (0)

10 හැවිරිදි ෆතුර්ගෙන් ලකුණු 7000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.