Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන ‘ද හන්ඩ්‍රඩ්’ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 24 දෙනෙක් ලියාපදිංචි වී සිටිති. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගද ඔවුන් අතර සිටියි.
තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 285 ක් ලියාපදිංචි වී සිටින අතර ඔවුන්ගෙන් තරගාවලියට එක්වීමට හැකි වන්නේ තවත් ක්‍රීඩකයන් 46 දෙනකුට පමණි. එහිදී තමන් කැමති ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා කණ්ඩායම්වලට අවස්ථාව හිමිවනු ඇත.
වටිනාකම අනුව විදෙස් ක්‍රීඩකයන් කාණ්ඩ කිහිපයකට වෙන්කර ඇති අතර ඉන් ඉහළම වටිනාකමක් සහිත පළමු කාණ්ඩ 4 ටම කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු අතුළත්ව නැත.
වනිඳු හසරංග සහ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ එහි 5 වැනි කාණ්ඩයට ඇතුළත්ව සිටින අතර එම කාණ්ඩයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් සඳහා නියම කර ඇති වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 50,000 කි. එය දල වශයෙන් රුපියල් කෝටි 2 ක පමණ අගයක් ගනී.
බ්‍රිතාන්‍ය පවුම් 40,000 වටිනාකමකින් යුක්ත ක්‍රීඩකයන් ඇතුළත් 6 වැනි කාණ්ඩයට ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායක තිසර පෙරේරා සහ වත්මන් නායක දසුන් ශානක අතුළත්ව සිටිති. එම කාණ්ඩයට අයත් ක්‍රීඩකයකුගේ වටිනකම දල වශයෙන් රුපියල් කෝටි එකහමාරක පමණ වේ.
වටිනාකමක් සඳහන් කර නොමැති 7 වැනි කාණ්ඩයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 18 දෙනෙක් ඇතුලත්ව සිටින අතර ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් වේග පන්දු යවනන්නන් වන සුරංග ලක්මාල් සහ ඉසුරු උදානද ඒ අතර වෙති.
අෂේන් බණ්ඩාර, මිනෝද් භානුක, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, අවිෂ්ක ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, දුෂාන් හේමන්ත, ළහිරු කුමාර, ළහිරු මධුෂංක, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් ඊට ඇතුළත් සෙසු ක්‍රීඩකයෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.