Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 12 දෙනෙක් ප‍්‍රවේශපත් 24 ක් දිනති

12 දෙනෙක් ප‍්‍රවේශපත් 24 ක් දිනති

සංජය එරමුදුගොඩ - 2013 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

අන්තර්ජාලයට එක්වූ පළමු වැනි සිංහල කී‍්‍රඩා වෙබ් අඩවිය වන ‘කෙළිමඬළ’ වෙබ් අඩවිය විසින් පවත්වන ලද මත විමසුමකට සහභාගි වූ පරිශීලකයන් අතුරින් තෝරා ගන්නා ලද 12 දෙනකුට ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර මේ මස 31 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගය නැරඹීම සඳහා ප‍්‍රවේශපත් 24 ක් තිළිණ කෙරේ.

මත විමසුමට අනුව පරිශීලකයන්ගෙන් 91 % ක්ම කැමැත්ත ප‍්‍රකාශ කර ඇත්තේ තරගය කී‍්‍රඩා පිටියේදීම සජීවීව නැරඹීමටයි. 9 % ක් තරගය රූපවාහිනියෙන් නැරඹීමට කැමැත්ත පළකර තිබේ.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර අගෝස්තු මස 2 වැනිදා පැවැත්වෙන විස්සයි/20 තරගය නැරඹීම සඳහා ප‍්‍රවේශපත් දිනාගැනීමේ අවස්ථාවද තවමත් පරිශීලකයන්ට තිබේ. ඒ සඳහා www.kelimandala.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අවස්ථාව උදාකරගත හැකිය.

එක්දින තරගය නැරඹීම සඳහා ප‍්‍රවේශපත් හිමිකරගත් ජයග‍්‍රාහකයන් මේ වන විටත් තෝරා ගනු ලැබ අවසන්ය. ඔවුන්ගේ නම් පහත පළවේ. ඔවුන් තෝරාගනු ලැබ ඇති බව මෙම සියලූම ජයග‍්‍රහකයන්ට දැනටමත් දන්වා යවා ඇති අතර දුරකතන අංක 0112-479453 ඇමතීමෙන් තමන්ගේ ප‍්‍රවේශපත් ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට තොරතුරු ලබාගත හැකිය.

 

ජූලි 31 වැනිදා එක්දින තරගය සඳහා ප‍්‍රවේශපත් දිනාගත් ජයග‍්‍රාහකයෝ

1. පි‍්‍රයන්කර කවුඩුල්ලගේ
2. අහමඞ් අදීල් මොහොමඞ් ජබාර්
3.  කමල් අබේසිංහ
4. ශී‍්‍රලාල් පෙරේරා
5. තරිඳු පෙරේරා
6. ශානිකා රුද්රිගූ
7. හේමන්ත රණවක
8. ශමිල්ක හල්යාල
9. ධනුෂ්ක ජයසුන්දර
10. කි‍්‍රශාන් විතාන
11. ෂිරාජ් නිවුමන්
12. අනුර ඒකනායක

 


අදහස් (4)

12 දෙනෙක් ප‍්‍රවේශපත් 24 ක් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.