Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කණ්ඩායම් 16 ක් සමත් විය. පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලබන සතියේ සිට පැවැත්වේ.
තරගාවලියේ මූලික වටයයේදී කණ්ඩායම් 75 ක් කාණ්ඩ 10 ක් යටතේ තරග වැදුණ අතර දෙවැනි වටයේදී කණ්ඩායම් කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදිණ. එම කාණ්ඩ 8 ශූරයන් සහ අනු ශූරයන් බවට පත් වූ කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
කොළඹ මහානාම, කොළඹ රාජකීය, කොළඹ ඩී.එස්. සේනානායක, මීගගමුව හරිස්චන්ද්‍ර, කොළඹ ශාන්ත ජෝෂප්, මොරටුව ශාන්ත සෙබස්තියන්, ගාල්ල මහින්ද සහ කොළඹ ශාන්ත පීතර යන විදුහල් පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ දෙවැනි වටයේ කාණ්ඩ ශූරයන් ලෙසිනි.
කටුගස්තොට ශාන්ත අන්තෝනි, වෙන්නප්පුව ජෝෂප් වාස්, අම්බලන්ගොඩ ධර්මාශෝක, කොළඹ ඉසිපතන, ගල්කිස්ස ශාන්ත අන්තෝනි, කළුතර විද්‍යාලය, කොළඹ තර්ස්ටන් සහ කළුතර තිස්ස යන විදුහල් දෙවැනි වටයේ කාණ්ඩ අනු ශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.
පෙර අවසන් පූර්ව වටයේ තරග පෙළ ගැස්ම
කොළඹ මහානාම විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹදී
කොළඹ රාජකීය විදුහල සහ වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල අතර කොළඹදී
කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර කොළඹදී
මීගගමුව හරිස්චන්ද්‍ර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර මීගමුවේදී
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ ගල්කිස්ස ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹදී
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කළුතර විද්‍යාලය අතර මොරටුවේදී
ගාල්ල මහින්ද විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර ගාල්ලේදී
කොළඹ ශාන්ත පීතර විදුහල සහ කළුතර තිස්ස අතර බම්බලපිටියේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.