Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 14 න් පහළ ශූරතාව වෙස්ලි විදුහලට

14 න් පහළ ශූරතාව වෙස්ලි විදුහලට

editorial - 2023 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා වයස 14 න් පහළ පාසල් රග්බි ශූරතාව දිනාගැනීමට වෙස්ලි විද්‍යාලය සමත් විය. අවසන් මහ තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 12-7 කින් පරාජය කරමින් වෙස්ලි ක්‍රීඩකයෝ මෙම ශූරතාව දිනාගත්හ. එක පිලකට 10 දෙනා බැගින් වූ මෙම තරගාවලිය පසුගියදා කුරුණෑගලදී පැවැත්විණ. තරගාවලියේ වීරයා ලෙසින් ෂිෆාන් ඉන්තිකාබ් සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ මූලික වටයේදී කොට්ටාව ධර්මපාල විද්‍යාලය (55-0), කේරි විද්‍යාලය (26-0) සහ මහානාම විද්‍යාලය (12-5) පරාජය කළ වෙස්ලි ක්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව වටයේදී ලකුණු 21-0 ක් ලෙසින් මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ඉදිරියට පැමිණියහ.

අවසන් පූර්ව වටයේදී ලකුණු 7-0 ක් ලෙසින් කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම පරාජය කළ ඔව්හු 12-7 ක් ලෙසින් අවසන් තරගය ජයගත්හ.


- 213


අදහස් (0)

14 න් පහළ ශූරතාව වෙස්ලි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.