Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 15 න් පහළ බැඩ්මින්ටන් තරග ගාල්ලේදී

15 න් පහළ බැඩ්මින්ටන් තරග ගාල්ලේදී

editorial - 2022 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගතය සහ රට තුළ පැවැති නොසන්සුන් තත්වයන් හේතුවෙන් වසර දෙකකට පසුව සංවිධානය කරන වයස 15න් පහළ පාසල් බැඩ්මින්ටන් තරගාවලිය කණ්ඩායම් 102 ක සහභාගීත්වයෙන් හෙට (2 වැනිදා) සිට 05 වැනිදා දක්වා ගාල්ලේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය ගාල්ල රිච්මන්ඩ් විදුහල, දඩල්ල සහ හපුගල ඉංජිනේරු පීඨයන්හී ගෘහස්ථ ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ.

A, B, C, D සහ E  ලෙස කාණ්ඩ 5 ක් යටතේ බාලක සහ බාලිකා ඉසව් රැසක් මෙම තරගාවලියට ඇතුළත් වේ.

සමාරම්භක උත්සවය හෙට උදෑසන 8.30 ට ගාල්ල රිච්මන්ඩ් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් තරග ජුනි 05 වැනිදා දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 


අදහස් (0)

15 න් පහළ බැඩ්මින්ටන් තරග ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.