Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු වයස අවුරුදු 15 න් පහළ III වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ හයවැනි වටයට කණ්ඩායම් 16 ක් සුදුසුකම් ලබා සිටිති.
පළමු වටයේදී පාසල් කණ්ඩායම් 328 ක් ලීග් ක්‍රමයට තරග කළහ. ඔවුන් කාණ්ඩ 6 ක් යටතේ තරග වැදුණු අතර ඉන් කණ්ඩායම් 152 ක් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ. දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්විනි.
හයවැනි වටයේ තරග කාලසටහන
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල සහ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය නාත්තණ්ඩියේදී
කැළණිය ගුරුකුල විද්‍යාලය 'බී' සහ මාළබේ පිරිමි විද්‍යාලය අතර තරගය කැළණියේදී
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය 'සී' සහ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය අතර තරගය කොළඹදී
ඌරුබොක්ක ජාතික පාසල සහ ගෝනාපීනුවල සාරාලංකාර මහා විද්‍යාලය අතර තරගය ඌරුබොක්කේදී
බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය සහ කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලය අතර තරගය බලපිටියේදී
මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලය සහ කටුකෙන්ද ශ්‍රී සංඝබෝධි මහා විද්‍යාලය අතර තරගය මාතලේදී
ලග්ගල පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය සහ ඉපලෝගම ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය අතර තරගය ලග්ගලදී
නිකවැරටිය මහසෙන් ජාතික පාසල , ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය අතර තරගය නිකවැරටියේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.