Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ආසියානු කුසලාන තරඟාවලිය සහ ලබන වසරේදී පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කෙරෙහි අවධානය යොමු කරමින් වයස 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් 65 දෙනකු සඳහා නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර ඇත. ඔවුන් මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දින 21 ක නේවාසික පුහුණු කඳවුරකට සහභාගී වීමට නියමිතය.
මේ සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරී රංජිත් මදුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වරුණ වරාගොඩ සහ එස්.එච්.යූ. කරනයින් මහතා විසින් සොයා බලනු ඇත. වසරකට වැඩි කාලයක් තිස්සේ පාසල් ක්‍රිකට් තරග නොපැවැත්වූ බැවින් දස්කම් තක්සේරූ කිරීමේ වැඩසටහනක් මගින් දිවයින පුරා විසිරී සිටින කුසලතා ඇති ක්‍රීඩකයන් 65 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා තෝරා ගැනීමට නියමිතය.
වයස 19 න් පහළ ආසියානු කුසලාන තරඟාවලිය ලබන ඔක්තෝබර් මස ඩුබායි හිදීත්, වයස 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ජනවාරි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්හිදීත් පැවැත්වීමට නියමිතය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.