Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේ (2015) මෝටර් රථ කී‍්‍රඩා දින දර්ශනය තරගාවලි 29 කින් සමන්විත වන අතර ඊට සුපර්ක්‍රොස් තරගාවලි 9 ක්, මාර්ග මෝටර් රථ තරගාවලි 8 ක්, මෝටර් රථ රැලි 6 ක්, කඳු තරණ 4 ක් සහ රාතී‍්‍ර මෝටර් රථ තරගාවලි 2 ක් ඇතුළත් වේ.
ජනවාරි මස 18 වැනිදා වව්නියාවේදී පැවැත්වීමට නියමිත වව්නියාව කළාප තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලි මාලාව නොවැම්බර් මස 8 වැනිදා පැවැත්වීමට නියමිත රැලි ශූරතාවලියේ තෙවැනි අදියරින් නිමාවට පත්වේ.
මෙම තරගාවලි අතරින් පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය වන නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය, 23 වැනි වරටත් අපේ‍්‍රල් මස 18 වැනිදා දියතලාව නරියා කන්දේදී පැවැත්වේ. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය සමග එක්ව එය සංවිධානය කරයි.
දකුණු පළාත් මෝටර් කී‍්‍රඩා සමාජය සංවිධානය කරන එළියකන්ද කඳු තරණය සහ ශ්‍රී ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය සංවිධානය කරන සීතාවක කඳු තරණය යන තරගාවලි දෙකම පෙබරවාරි මස 22 වැනිදා පැවැත්වීමට නියමිත නිසා තමන් ඉන් කුමණ තරගාවලියට සහභාගි වනවාද යන්න පිළිබඳව විවෘත තරගකරුවන්ට තීරණය කිරීමට සිදුවේ.
තවද ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා දින දර්ශනයේ ප‍්‍රධානතම තරගාවලියක් වන කොළඹ රාතී‍්‍ර මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ වසරේදීත් නොපැවත්වීමට කාල්ටන් මෝටර් කී‍්‍රඩා සමාජය තීරණය කර ඇති නමුත් ඉතා මතභේදාත්මක තත්ත්වයකට ලක්වූ මහනුවර රාතී‍්‍ර මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ජූනි මස 27 වැනිදා පැවැතවෙන බව මෝටර් රථ දින දර්ශනයේ සටහන් වේ.
ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා දින දර්ශකයට අලූතින් එක්වන තරගාවලියක් වන ‘නේවි සුපර්ක්‍රොස්’ තරගාවලියේ අදියර දෙකක් මාර්තු මස 1 වැනිදා සහ නොවැම්බර් මස 8 වැනිදා වැලිසර නාවික හමුදා නව ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
2015 වසරේ මෝටර් රථ කී‍්‍රඩා දින දර්ශනය
ජනවාරි 17/18 | - වව්නියාව කළාප මෝටර් රථ තරගාවලිය | වව්නියාව |
පෙබරවාරි 06/07 | - කටුකුරුන්ද රාතී‍්‍ර මෝටර් රථ තරගාවලිය | කටුකුරුන්ද |
පෙබරවාරි 07/08 | - මීගමුව මාර්ග මෝටර් රථ තරගාවලිය | මීගමුව |
පෙබරවාරි 14/15 | - රැලි ශූරතාවලියේ පළමු අදියර | |
පෙබරවාරි 22 | - සීතාවක කඳු තරණය | සීතාවක |
පෙබරවාරි 22 | - එළියකන්ද කඳු තරණය | මාතර |
පෙබරවාරි 20/21/22 | - ලෝටස් රැලිය | |
පෙබරවාරි 28/මාර්තු 01 | - නේවි සුපර්ක්‍රොස් තරගාවලිය | වැලිසර |
මාර්තු 07/08 | - තිස්ස සුපර්ක්‍රොස් තරගාවලිය | තිස්සමහාරාම |
මාර්තු 21/22 | - සීගිරිය රැළික්‍රොස් තරගාවලිය | සීගිරිය |
අපේ‍්‍රල් 05 | - මාගස්තොට කඳු තරණය | මාගස්තොට |
අපේ‍්‍රල් 17/18 | - නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය | දියතලාව |
අපේ‍්‍රල් 18/19 | - නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය | නුවරඑළිය |
මැයි 10 | - කරඳුපොන කඳු තරණය | කරඳුපොන |
මැයි 16/17 | - කටුකුරුන්ද කළාප මෝටර් රථ තරගාවලිය | කටුකුරුන්ද |
ජූනි 06/07 | - වලව සුපර්ක්‍රොස් තරගාවලිය | උඩවලව |
ජූනි 13/14 | - රැලි ශූරතාවලියේ දෙවැනි අදියර | |
ජූනි 13/14 | - කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය | පාන්ගොල්ල |
ජූනි 26/27 | - මහනුවර රාතී‍්‍ර මෝටර් රථ තරගාවලිය | පන්නල |
අගෝස්තු 29/30 | - ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය | සාලියපුර |
සැප්තැම්බර් 05/06 | - කාන්වේ ඔටෝ ඩ්‍රෝම් කළාප මෝටර් රථ තරගාවලිය | |
සැප්තැම්බර් 06 | - මීගමුව රැලිය | |
සැප්තැම්බර් 19/20 | - රොදර්හැම් කළාප මෝටර් රථ තරගාවලිය | කටුකුරුන්ද |
සැප්තැම්බර් 26/27 | - දකුණු කළාප මෝටර් රථ තරගාවලිය | |
ඔක්තෝම්බර් 10/11 | - පන්නල කළාප මෝටර් රථ තරගාවලිය | පන්නල |
ඔක්තෝම්බර් 23/24/25 | - ස්ලාඩා රතී‍්‍ර මෝටර් රථ රැුලිය | |
ඔක්තෝම්බර් 31/නොවැම්බර් 01 | - ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය | මින්නේරිය |
නොවැම්බර් 07/08 | - නේවි සුපර්ක්‍රොස් තරගාවලිය | වැලිසර |
නොවැම්බර් 14/15 | - රැලි ශූරතාවලියේ තෙවැනි අදියර |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.