Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල්. තරගාවලියේ 14 වැනි අදියර ලබන වසරේ (2021) අප්‍රේල් සහ මැයි මාසවල ඉන්දියාවේදීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතා පවසයි. ඉන්දියා ටුඩේ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී දක්වමින් ගංගුලි මහතා ඒ බව සඳහන් කළේය.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ (2020) අයි.පී.එල්. තරගාවලිය මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නොහැකි වූ අතර එහි ආරම්භය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුවිය. මේ වසරේ අයි.පී.එල්. තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පියවර ගත්තද, එය තාවකාලික විසඳුමක් පමණක් බවද ගංගුලි මහතා කියා සිටියේය.
“ලබන අප්‍රේල් සහ මැයි මාසවලදී ප්‍රෙක්ෂකයන්ට තවත් අයි.පී.එල්. තරගාවලියක් දැකගන්නට ලැබේවි.” යයි ගංගුලි මහතා ඉන්දියා ටුඩේ පුවත්පතට පවසා තිබිණ.
ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
“අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යය යොදාගත්තෙ මේ වසරේ අයි.පී.එල්. තරගාවලිය සඳහා පමණයි. ඒත් අපි එංගලන්ත - ඉන්දියා තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා.”
“ඉන් අනතුරුව රංජි කුසලාන තරගාවලියත් අපි ඉන්දියාවේදි පවත්වනවා. ඉදිරියේදී තත්වය යහපත් අතට හැරේවී. ඒ නිසා මීලඟ අයි.පී.එල්. තරගාවලිය ඉන්දියාවේදි පැවැත්වීමට ගැටලුවක් ඇති නොවේවි කියලා මම හිතනවා.” යැයිද ගංගුලි මහතා කියා සිටියේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.