Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2023 ට ජාත්‍යන්තර කබඩි තරගාවලි 15 ක්

2023 ට ජාත්‍යන්තර කබඩි තරගාවලි 15 ක්

editorial - 2022 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ලබන 2023 වසර සඳහා අන්තර්ජාතික කබඩි තරග මාලා 15 කට සහ ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු තරගාවලි කිහිපයකට සහභාගි වීමට ශ්‍රී ලංකාව සැලැසුම් කර ඇතැයි ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පවසයි.

ශ්‍රී ලංකාව සත්කාරය දරන ජාත්‍යන්තර කබඩි තරගාවලියක් ද මේ අතරට යෙදී තිබේ. ඒ කණ්ඩායම් 6 ක් සහභාගි වන ආසියානු කබඩි (පිරිමි) තරගාවලියයි. එය 2023 අගෝස්තු මාසයේ කොළඹදී පැවැත්වෙන බව කබඩි සම්මේලනය අවධාරණය කරයි.

ජාතික කබඩි තරගාවලිය ඇතුළු ප්‍රධානතම දේශීය තරගමාලා හයක් ද මෙම වසරට සංවිධාන කිරීමට ජාතික කබඩි සම්මේලනය කටයුතු යොදා තිබේ.


වසර 2023ට පැවැත්වීමට නියමිත අන්තර්ජාතික කබඩි තරග මාලා
ලෝක ශූරතා කනිෂ්ඨ (පිරිමි) තරගාවලිය - ඉරානය
ලෝක ශූරතා කබඩි නිර්දේශ ලැබීමේ (පිරිමි) තරගාවලිය - තායිවාතය
ලෝක ශූරතා කබඩි (පිරිමි) තරගාවලිය - අබුඩාබි
අල්ෆජාර් කුසලාන තරගාවලිය - ඉරානය
ආසියානු කබඩි ශූරතා තරගාවලිය - ඉරානය
පළමු ලෝක ශූරතා කබඩි (කාන්තා) තරගාවලිය - මලයාසියාව
පළමු ලෝක කුසලාන වෙරළ කබඩි තරගාවලිය - ඉරානය
ලෝක කුසලාන කබඩි (රවුම් ක්‍රමය) තරගාවලිය - පාකිස්තානය
හය කොන් ආසියානු කබඩි ශූරතා (පිරිමි) තරගාවලිය - ශ්‍රී ලංකාව
ආසියානු ක්‍රීඩා උළෙල - චීනය
හය වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල - චීනය
සිව් වැනි ආසියානු කබඩි ශූරතා (රවුම් ක්‍රමය) තරගාවලිය - ඩුබායි
ආසියානු කබඩි (කාන්තා) ශූරතා තරගාවලිය - බංග්ලාදේශය
14 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල - පාකිස්තානය
ආසියානු සටන් කලා ගෘහස්ථ ක්‍රීඩා උළෙල - බැංකොක්


අදහස් (0)

2023 ට ජාත්‍යන්තර කබඩි තරගාවලි 15 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.