Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2023 දී කාන්තා අයි.පී.එල්. තරගාවලියක්

2023 දී කාන්තා අයි.පී.එල්. තරගාවලියක්

editorial - 2022 මාර් මස 27 150 Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කාන්තා තරඟාවලිය ලබන වසරේදී ආරම්භ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක  මණ්ඩලය සැලසුම් කර තිබේ.

“එය වාර්ෂික මහා සභා රැස්වීමේදී අනුමත කළ යුතුයි. අපි එය ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතා පසුගියදා වාර්තාකරුවන්ට පවසා ඇත.

අයි.පී.එල්. කාන්තා තරගාවලිය ආරම්භ කිරීමේ ක්‍රියාවලිය පටන්ගෙන ඇති බවත් එය කණ්ඩායම් පහක් හෝ හයක ලීග් තරගාවලියක් විය හැකි බවත් අයි.පී.එල්. සභාපති බ්‍රිජේෂ් පතෙල් මහතා පැවසීය.

“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 2018 වසරේ සිට කාන්තා විස්සයි20 තරගාවලියක් සංවිධානය කරලා තියෙනවා. මෙම වසරේදීත් පිරිමි අවසන් වටයේදී කණ්ඩායම් තුනක සහභාගීත්වයෙන් තරඟ හතරක තරගාවලියක් පැවැත්වෙනවා”  යැයි පතෙල් මහතා වැඩිදුරටත් පැවසීය.


- 2079

 


අදහස් (0)

2023 දී කාන්තා අයි.පී.එල්. තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.