Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 28 දා කැරම් නිලවරණයට වාරණයක්

28 දා කැරම් නිලවරණයට වාරණයක්

editorial - 2021 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ 2021/2023 පාලන කාලය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙම මස 28 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා පසුගිය 23 දා පියවර ගත්තේය.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ක්‍රීඩා සමාජ කීපයක් එක්ව කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සාමාජිකත්වය අහිමිවූ ක්‍රීඩා සමාජ 23 ක් හා කිසි දිනෙක සාමාජිකත්වය පවා ලබා නොමැති ක්‍රීඩා සමාජ 02 ක් සඳහා මෙවර නිලවරණයේදී ඡන්ද අයිතිය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ හිටපු නිලධාරීන් හා තවත් ක්‍රීඩා සමාජ රැසක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, ක්‍රීඩා ලේකම්වරයා, කැරම් නිලවරණ කමිටුව වෙත හා ජාතික ක්‍රීඩා අභියාචනා කමිටුව වෙත වරින්වර ලිපි මගින් දන්වා යවා ඇත. එහෙත් එම පැමිණිලි හා විරෝධතා පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශය හා නිලවරණ කමිටුව මෙම මස 28 වැනි දින කැරම් නිලවරණය පැවැත්වීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතිබව කැරම් සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත්කර, නාමයෝජනා කැඳවා, නියමිත පරිදි පසුගිය නොවැම්බර් මස නිලවරණය පැවැත්වීමට කටයුතු කරමින් තිබුණි. එහෙත් රටේ ඇති වූ කොරෝනා තත්ත්වය හමුවේ නිලවරණය කල්දමා තිබූ අවස්ථාවක අමාත්‍යාංශය මගින් නව නිලවරණ කමිටුවක් පත්කරමින් ඇති කරන ලද මෙම ගැටලු සහගත තත්ත්වය උද්ගතව ඇති බව කැරම් සම්මේලන ප්‍රකාශකයෙකු පැවසීය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ මහේෂා අලහකෝන් මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ රනිල් ප්‍රේමතිලක මහතා සහ නීතිඥ රශ්මි ඩයස් මහත්මිය පෙනී සිටියහ.

-036

 


අදහස් (0)

28 දා කැරම් නිලවරණයට වාරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.