Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 7 වැනි ජය සමගින් පන්ජාබ් පිල පෙරමුණට

7 වැනි ජය සමගින් පන්ජාබ් පිල පෙරමුණට

ශනුක අරවින්ද - 2014 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි. පී. එල්.) කි‍්‍රකට් තරගාවලියේ බැංගලෝර්හි චින්නසාමි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී කිංග්ස් XI පන්ජාබ් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 32 ක පහසු ජයක් වාර්තා කිරීමට කිංග්ස් XI පන්ජාබ් පිල සමත්විය.
 
ජයග‍්‍රහණය සඳහා ලකුණු 199 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට නියමිත ඕවර 20 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 166 ක් පමණී.

පන්දු 26 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 53 ක් රැස්කිරීමට ඒ. බි. ඩිවිලියස් සමත්වුවත් තරගය ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට එය ප‍්‍රමාණවත් නොවීය.

කි‍්‍රස් ගේල් (4), පාර්තිව් පටේල් (13) සහ විරාට් කෝලි (0) යන බැංගලෝර් පිලේ පළමු පිතිකරුවන් තිදෙනාම දවාගත් සන්දීප් ශර්මා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

කාසියේ වාසිය දිනූ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලේ නායක විරාට් කෝලිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් පිල නියමිත ඕවර 20 ක් අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 198 ක් ලබාගත්තේය.

ප‍්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවූ ඬේවිඞ් මිලර් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 66 ක් රැස්කළේය.
 
විරේන්ද්‍ර ශෙවාග් (30) සහ මන්දීප් සිං (21) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පංජාබ් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩු 8 කට 198
(විරේන්ද්‍ර ශෙවාග් 30, මන්දීප් සිං 21, ග්ලේන් මැක්ස්වෙල් 25, ඬේවිඞ් මිලර් 66, රිදිමන් සහ 17, මිචෙල් ජොන්සන් නොදැවී 16, යුස්වින්දර් චහල් 23/2, මිචෙල් ස්ටාර්ක් 43/2, හර්ෂල් පටේල් 56/2)

බැන්ගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල - ඕවර 20 කදී කඩු 9 කට 166
(පාර්තිව් පටේල් 13, සච්න් රානා 18, ඒ. බි. ඩිවිලියස් 53, ඇල්බි මෝකල් 16, මිචෙල් ස්ටාර්ක් 29, වරුන් ඒරන් 17, සන්දීප් ශර්මා 25/3, ශිවම් ශර්මා 26/2, ලක්ෂ්මිපති බලාජි 43/2)

-036

 


අදහස් (0)

7 වැනි ජය සමගින් පන්ජාබ් පිල පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.