Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 7 සාමාජික තරග 2 දා ඇරඹෙයි

7 සාමාජික තරග 2 දා ඇරඹෙයි

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ආයතනයේ අනුග්‍රහය ඇතිව කණ්ඩායම් 16 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ලබන ජුනි 2 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදි ආරම්භ විමට  නියමිතය. පළමු කොටසේ තරග ජුනි 2 වැනිදා සහ 3  වැනිදා පැවැත්වෙන වන අතර දෙවන කොටසේ තරග ජුනි 16 සහ 17 පැවැත්වෙනු ඇත. 

“වසර 30 ක යුද්ධය අවසාන වෙලා තියෙන මොහොතක අපි උතුර සහ දකුණ අතර ඇති බන්ධනය තවත් වැඩි දියුණු කර ගත යුතුයි. ක්‍රීඩාවට භාෂාව බලපාන්නේ නැහැ. ක්‍රීඩාව තුළින් උතුර දකුණ අතර ඇති සහෝදරත්වය වර්ධනය කළ හැකියි” යයි ඩයලොග් ෂත් සාමාජික රග්බි තරගාවලියේ පළමු ප්‍රචාරක වැඩසටහනට සහභාගි වෙමින් ක්‍රීඩා ඇමති ෆයසිර් මුස්තාපා මහතා පැවසීය. 

තව දුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ, රග්බි ක්‍රීඩාවේ වර්ධනයට මේ දක්වන දායකත්වය සඳහා ඩයලොග් ආසියාටා ආයතනයට තමන් ස්තූතිවන්ත බව බවයි. 

අපිට අන්තර් ක්‍රීඩා සමාජ තරග සඳහා වැඩි වටිනාකමක්  එකතු කිරිමට අවශ්‍ය බැවින් ලබන වසරේදි විදේශීය ක්‍රීඩකයන්ටද ක්‍රීඩා සමාජ සඳහා එක්වීමට අවස්ථාව  සලසා දෙන බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා පවසා සිටියේය. 

එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ 4ක් යටතේ මෙම පිරිමි කණ්ඩායම් 16 පළමු කොටසේදී තරග වඳිනු ඇත. අදාල කාණ්ඩයේ සියලුම කණ්ඩායම් තමන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම් සමග ක්‍රීඩා කළ යුතු අතර පළමු වටයේ තරග සඳහා අමතර කාලයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා නොදේ. 

පිළිම`එන් පිටුදැකීමේ අංශයේදී සෑම කාණ්ඩයකයම පළමු  සහ දෙවන ස්ථානයේ රැදී සිටින කණ්ඩායම් කුසලාන සහ  පලඟ ශූරතා සඳහා සුදුසුකම් ලබයි. තෙවන සහ සිව්වන ස්ථානයන්හි රැදී සිටින කණ්ඩායම් පිළිවෙලින් බදුන සහ පළිහ කුසලාන සඳහා තරග වදිනු ලැබේ.  

මීට අමතරව කාන්තා කණ්ඩායම් 24 ක් මෙවර ක්‍රිඩා කරන අතර පළමු කොටසේදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 3  බැගින් කාණ්ඩ 8ක් යටතේ තරග පැවැත්වේ.

 පළමු වටය අවසානයේ සෑම කාණ්ඩයකම පළමු ස්ථානයේ පසුවන කණඩායම් කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබයි. කුසලාන තරගාවලියේදී පරාජයට පත්වන කණ්ඩායම් සියල්ල පලඟ ශූරතාවයට සටන් වදිනු ලැබේ. සෑම කාණ්ඩයකම දෙවන ස්ථානයේ පසුවන කණ්ඩායම් බඳුන කුසලානය සදහාත් තෙවන ස්ථානයේ පසුවන කණ්ඩායම් පළිහ කුසලාන සඳහාත් තරග වදිනු ඇත. 

024


අදහස් (0)

7 සාමාජික තරග 2 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.